දුවණියේ....



නිමිත්ත: රණබිම රාජකාරියට යන්න යන පියාගේ දෙපා බදාගෙන, සිඟිති දියණියක් මග අවුරයි.

දුවණියේ....

මගේ සතුට උණ්ඩිකර
පැත්තකින් තබමි.
කිරිලියක සේ නුඹට
ආකාශ ගංඟාවේ
පතුලටම කිමිදෙන්න,
නිදහස් නිවහල් දේශයකට
සටන් වදිමි....

අව්ගිනි වැහි හීතලට සිනාසෙමි.
දුඃඛීත වේදනා හදවතට
පොහොර කොට,
අවසාන හුස්මපොද තෙක්
නුඹේ උරුමය රැකදෙන්න
ශපත වෙමි....

සිඟිති ඉඳුවර නෙතු එළිය
මනසේ කැටයම් කරගමි.
එයින් බිඳ බිඳ එළියට ගෙන
ජීවිතයට වැර දෙමි,
කාන්සිය නිවා ගමි.

*ලොව හොඳම දේ දරුවන්ටයි!
දුවණියේ....
ඉතින් මා යා යුතුම වේ
නිදහස් නිවහල් හෙට දිනක්
නුඹට තනන්නට....


මුතු පබා
2008.03.28


*ලොව හොඳම දේ දරුවන්ටයි - ලෙනින් 

8 Response to "දුවණියේ...."

  1. Dinesh says:
    July 8, 2012 at 11:34 AM

    ලස්සන පැදි පෙලක්..

  2. Nuwan Says:
    July 8, 2012 at 2:19 PM

    lassanai adahasa akka...


    (Thamange rata raka ganna yana sebalek kiyana kathawak, American sebalek newe habai... un yanne anek ratawal kanna... :/ )

  3. පුබුදු says:
    July 8, 2012 at 4:55 PM

    ලස්සන නිසඳැසක් අක්කේ...

  4. Eranga Perera (Muthu Paba) says:
    July 10, 2012 at 7:41 PM

    ගොඩක් ස්තූතියි! ඔය තුන්දෙනාටම.. :)

  5. WildRose/SnowDrop says:
    July 11, 2012 at 6:11 PM

    A very rare nd unique poem sis..as always it is a great writing!

  6. Eranga Perera (Muthu Paba) says:
    July 11, 2012 at 8:33 PM

    Thank You! My Dear.. :)

  7. සිත්තමී says:
    July 12, 2012 at 10:44 AM

    ලස්සනම පද පෙලක් හැම වචනයක්ම හරි ලස්සනයි අක්කියෝ..මට කවිය මග ඇරිලා..

  8. Eranga Perera (Muthu Paba) says:
    July 13, 2012 at 4:40 PM

    Thx! Nangi.. :)

Post a Comment

Show Emoticons