දුකක සීතල

























සුළඟ ගස්වල හැප්පි හැප්පී
දුක කීවට කිසි වැඩක් නෑ
සීතල බෑම කියනවාලු
මගින් ආපසු හැරෙන්න

අභිමානවත් නිදහස!





















මුහුණු පොතේ සමහරක් අය නිදහස අභිමානවත් කියලා දාගෙන ඉන්නවා. අනේ මන්දා ඒ ඇයි කියලා! පසු ගිය සති කීපය මං හිටියෙ ලංකාවේ. සුපුරුදු පරිදි ඇහෙන් දැක්කෙ නම් හිත සං සුං වෙන එ්වට වඩා නොසංසුන් වෙන එ්වා තමා. එච්චර ප්රශ්නෙ මැද්දෙ, අග හිඟකම් මැද්දෙ, අපේම මිනිස්සු ජීවිතය ලිහා නොගෙන, කොහොමහරි ගැට ගහ ගන්න එක නම් හැබැයි, අභිමානවත් කියලා කියන්නම ඕනේ.

එකපාරක් ප්රවෘත්ති වලට කීවා මට මතකයි පසු ගිය වසරෙදි එක පුද්ගලයෙක්ගෙ නමින් වැටුණ හොර ඡන්ද ප්රමාණය හැත්තෑදහසක් කියල. මාරම අභිමානවත් නේද එ්කත්. හරියට මොළය පාවිච්චි කරලා ඡන්දයක් දාන්නෙ නෑ කියලා මිනිස්සුන්ට දොස් කීවට වැඩක්ද කියලා හිතෙනවා, එ් වගේ දේවල් ඇහුණම. අනිත් එක නිතරම විකාශනය වෙන දේශපාලන දැන්වීම්. ඒවා හදන අයට දොස් කියන්නද.. දාන අයට දොස් කියන්නද.. නැත්නම් නරඹන අයට දොස් කියන්නද.. ඡන්දයක් අත ළඟම එන්න ඕනෙ, නායකයින්ගේ පොරොදන්දු හඬවල් නාලිකා ගත්වෙන්න, වචන අච්චු ගැහෙන්න. අවංකව වැඩ(ක්) කරලා මිනිස්සුන්ගේ හිත් ඇතුළෙ අභිමානවත් වුණා නම් මේ පුංචි දූපත අඩියක් හරි ඉස්සරහින් නෙමෙයිද ඉන්නෙ. එහෙම වුණා නම් ඔය වගේ වෙළඳදැන්වීම් වලට වියදම් කරන මුදලින් අඩුම ගානේ, මිනිස්සුන්ට රැකියාවට යන්න පහසුවෙන්නවත්, කෝච්චියක් කෙසේ වෙතත් කෝච්චි පෙට්ටියක්වත් ගන්න තිබ්බා. හැබැයි ඔන්න මෙදා පාර අනුරාධපුරේ ගිය වෙලාවෙ නම් , පහුවෙන පහුවෙන හැම වටරවුමක් උඩම එල්ලලා තිබ්බ දන්ත්්යාලේපන දැන්වීම් නම් අඩුවෙන් දැක්කෙ. එ් හැබැයි දේශපාලන උණුසුම තාමත් එ් තරම් විහිදිලා නැති නිසා වෙන්නැති. 

එකින් එක අරන් වචන ගොනුකරන්න ගියොත්, එතැනදි අනිවාර්යෙන්ම, අභිමානය කියන හීන මානයේ ඉස්පිලි පාපිලි, අඩුවක් නැතිවම කෑලි ගැලවිලා, නිදහසේම විසික් වෙයි. සිංහල කියන අපේම මව් භාෂාව පවා තියෙන්නේ, කවදහරි සදහටම අතුරුදහන් වෙලා යන භාෂාවන් ලැයිස්තුවේ ඉහළින්ම කියලා, වරක් මම පුවත් පතක තියෙනවා දැක්කා. ඉතින් මව් භාෂාවවත් රැකගන්න බැරි රටක නිදහස අභිමානවත් වෙන්නේ කොහොමද?