බොරපාට සිහින






















සිතැත මැද සිහින
හෙළමින් සුසුම් සර
හිඳියි දිරිගෙන සැඟව
කවදමුත් පිපෙනකල්
ස්නේහයේ විල

අත්හරින්නට බැරිව
ඇස්කොණෙන් අල්ලගෙන
බොහෝ දිනවල බොහෝවිට
නිතරම දැනෙණ සමහරක් දුක
රැලි නගා සැරසෙයි

නිසසලව වැළපෙන
හැම වැස්සටම තෙමෙන
එකමෙක මලක් නැති
බොරපාට වූ ස්නෙහයේ විල


2017.01.09
(සන්නස.පහන් වැට - 2017 ජනවාරි කලාපය)