ආඩම්බර හිරු සහ කැමරා ඇස
ගැබ්බර ආකාසෙ
තැනක් පාදගත්
නුඹමිණි,
සියවට මේකුළු
රිදී නූලකින්
හැඩ දමමින්
සිටියහ.
නෙත්කළු දසුන
කැමරා නෙතට
හසුකර ගන්න
සිතා,
යළි ඒ දෙස
බැලුවෙමි.
හිස්මුදුනේ
සිහින් දාරයක්
පමණක් ,
ශේෂ කොට ඈ
සිය මුළු වතම
වළා රෙද්දෙන්
වසාගෙන!
වසා බැරි නම්
ඔතා ගන්නැයි
සිතූ මම
ඈ නොදැක්කා
සේ,
අනෙක් පස අහස
පින්තූරු කෙරුවෙමි.
මුතු පබා
2012.07.28
July 30, 2012 at 8:37 AM
අදනම් හිත පිරෙන්න ලියල තියෙනවා අක්කියෝ...කියවන්න යද්දිම ඉවර වෙන්නෙ නෑ...ලස්සනයි
July 30, 2012 at 1:02 PM
Thx! Nangi..