හදවත නතර කළ හඬ
මර බයෙන් කෑ ගහන
ඡායාරූපයකටත්
පුළුවන්,
හදවතක්
සියක් කෑලි
කරවන්න...
හයක් හතරක් නොතේරෙන
පොඩිම පොඩි
හුස්ම පොදකටත්
පුළුවන්,
දෙනෙත සාගරයකටත් වඩා
පුරවන්න...
සතර අපායම
සිඟිත්තෙක් අභිමුව
නින්නාද නගනකොට,
මොහොතකටවත්...
නතර නොමවෙන හදවතක්
ඉතින් වේද මේ ලොව තවත්...
Read Users' Comments (5)