නිහඬතාව රත්තරං....!

















එක් සිසුවෙක් සිය ගුරුතුමා ළඟට ගොස් "ගුරුතුමනි..., ගොඩක් කතා කිරීමෙන් හොඳක් සිද්ද වෙනවද?" යැයි ඇසුවේය.

සිය සිසුවා දෙස බැලූ ගුරුතුමා, "මැඩියෝ, දිවා රෑ හඬ නගනවා. නමුත් කවුරුත් උන්ට අවදානය යොමු කරන්නේ නැහැ. ඒත් බලන්න උදේ පාන්දර හඬලන කුකුළා දිහා.. දවසේ වැදගත් මොහොතක ඇහෙන උගේ හඬ නිසා සියලූම දෙනා අවදි වෙනවා.. වැඩියෙන් කතා කිරීමට වඩා වැදගත් වෙන්නෙ, සුදුසු දේ සුදුසු වෙලාවට පමණක් පැවසීමයි...", සිය සිසුවාට තේරුම් බේරුම් කර දුන්නේය.


(ජන කතාවක් ඇසුරිනි.)

පරිවර්තනය : මුතු පබා
2010.08.26


කතන්දරය බූන්දිය හරහා කියවන්නට: නිහඬතාව රත්තරං....!

5 Response to "නිහඬතාව රත්තරං....!"

  1. Shadow/හේමලයා says:
    August 28, 2010 at 3:32 AM

    ඒත් මැඩියා කෑගහන්නේ උගේ සහකාරියකට මිසක වෙන අයට නෙවෙයි නේද? ඒත් කුකුළා උදේට කෑ ගහන්නේ ඇයි.....?

  2. Naදී says:
    August 28, 2010 at 12:46 PM

    තොරතෝංචියක් නැතුව කතා කරන ඈයන්ට හොඳ අවවාදයක්. දෙවියො කන් දෙකක් දීලා එක කටක් දුන්නේත් වැඩියෙන් අහලා අඩුවෙන් කතා කරන්නලු.හිහ් හිහ්.

  3. තක්ෂිල says:
    August 29, 2010 at 5:42 AM

    වෙලාවකට බීරි අලින්ට විණා වයනවා වගේ ඔහේ කියවනාවා හැබැයි කවුරුත් අහන් ඉන්නෙත් නෑ

  4. ayesha says:
    August 30, 2010 at 6:41 AM

    නියම කතාව

  5. තිස්ස දොඩන්ගොඩ says:
    September 1, 2010 at 4:42 PM

    මෙව්වා නැවත නැවත මතක් කලයුතු ඉතා වටිනා දේවල් අප්පා... මගේ දරුවන්ටත් කියාදිය යුතු... බොහොම පින් පරිවර්තනයට හා වියමනට...

Post a Comment

Show Emoticons