සිනාසෙනු !



සිනාසෙනු මැන හදවත රිදුනද
සිනාසෙනු මැන හදවත බිඳුනද
අහස පුරාවට මේකුළු ඇති සඳ
නිසැකය ඔබ එය වටහා ගනු ඇත

බිය සැක අතරින් සිනාසුනොත් නුඹ
නුඹ වෙනුවෙන් හෙට හිරු දිලිසෙනු ඇත
සිනාසෙනු මැන - සිනාසෙනු මැන

සතුටු සිනාවෙන් ඔබෙ මුව සරසනු
සෝ දුක් සලකුණු සඟවා හිනැහෙනු
කඳුලක් ලං වෙනමුත් යම් මොහොතක
ඉසිඹුව එයමය දිරිමත් විය යුතු
සිනාසිය යුතු, හඬා කුමන පල?
දිවියෙහි වටිනාකම වැටහෙන්නේ
සිනාවකින් එය සැරසුවොතින්මය!


චාලි චැප්ලින්ගේ "Modern Times" චිත්‍රපටයේ "Smile" තේමා ගීතයේ පරිවර්තනයකි.

පරිවර්තනය : මුතු පබා
2010.04

5 Response to "සිනාසෙනු !"

  1. Shadow/හේමලයා says:
    August 25, 2010 at 5:36 AM

    එක බිඳු කඳුලෙක සැඟවුනු සිතුම් කැල පරයනු හැකිවේද...හිනා මල් දහසකට.....

  2. Naදී says:
    August 25, 2010 at 6:37 AM

    කඳුලු අතරින් සිනහව උපදීනම් විඳවන එකඳු සිතක් නොවේ මෙලොවේ.

  3. තක්ෂිල says:
    August 25, 2010 at 7:41 AM

    ඡිවිතය තියෙන තුරාවට හිනා වේලා සතුවින් ඉන්න ඇත්නම්.

  4. තිස්ස දොඩන්ගොඩ says:
    August 25, 2010 at 4:27 PM

    හඬන වලපෙන බ්ලොග් සටහන් අතරට මෙන්න කදිම ප්‍රබෝධයක්... ස්තූතියි ඔබතුමියට...

  5. Eranga Perera (Muthu Paba) says:
    August 25, 2010 at 7:25 PM

    ඔයාලා හැමෝටම බොහොත් තුති ! :)

Post a Comment

Show Emoticons