පොරොන්දුව

රෙදි අම්මා මාව නාවලා
ගෙට ගත් දවසෙ,
අප්පච්චි ලොකුවට පාටියක්
දැම්මා මතකයි.
මාමලා නම් මං දිහා
රකුසු ඇස් වලින් බැලුවා.
ඒත් අප්පචි මට ලැබුණ
තෑගි සල්ලියෙන්,
එයාලා බීපු ණය ගෙව්වා.
කුඩම්මා ගමේ ගෙට
කැන්ඳන් ආපු දා,
අප්පච්චි මට
හොඳටෝම ගැහුව මතකයි.
ඒ දවස් වල මං
හිරුට කළින් අවදිවෙලා
උයල පිහල ඉස්කෝලෙ ගියා.
මං බඩගින්නෙ
ගෙදර එනකොට,
කුඩම්මා මගේ කෑම පංඟුව
වයිටට දාලා තිබුණා.
මං අසනීපෙන් ගෙදර
හිටිය දවසක,
අප්පච්චිත් ගෙදර
උන්නා මතකයි.
තිබුණ අමාරුකම් නම්
එදා වැඩි වුණා.
ඒත් අසනීප පිටම මං
පහුවදා ඉස්කෝලෙ ගියා.
අද මගේ දුවත්
නාවලා ගෙට ගන්නවා.
අප්පච්චි කව්දැයි දුව
අදත් මගෙන අහයි !
පිළිතුර වෙනදාක
දෙන පොරොන්දුවෙන්
මං දුවව අදත් මග අරිනවා.
මුතු පබා
2008.05.22
September 2, 2010 at 4:35 AM
කඩතුරාවෙන් මිදෙන තුරු..........
September 2, 2010 at 5:52 AM
ලොකු කතාවක් සැඟවිලා තියෙනව..
හිතට දැණුන එච්චරයි.. මොනා කියන්නද තේරෙන්නෙ නෑ.
September 2, 2010 at 6:07 AM
හරිම හැඟිම් බර පද වැළක් සහෝදරී
September 2, 2010 at 2:07 PM
හපොයි සත්තරනේ...හතුරෙකුට වත් වෙන්න එපෝ...
December 1, 2010 at 3:02 AM
කදිමයි!!
ලියන්න. නිතර ලියන්න.
June 1, 2011 at 9:58 PM
What da hek this supposed to mean? What are you writing, Muthu?
-Prasanna
October 1, 2011 at 5:01 PM
මේ වගේ දෙයක් අපේ සමාජේ වෙනවා කියල හිතන්නත් අමාරුයි, එත් වෙලා තියනවනේ හ්ම්ම්ම්ම්, ලස්සනයි, අදයි බ්ලොග් ඒක දැක්කේ, කියවගෙන යනවා ඔක්කොම
July 17, 2012 at 5:36 PM
duka hithenawa...