සුළඟ, එක් කාන්තිමත් දවසක



















සුළඟ,
එක් කාන්තිමත් දවසක....
පිච්ච මල් සුවඳක් සමගින්
මගේ ආත්මයට කතා කෙරුවේය.

"මාගේ පිච්චමල් සුවඳ වෙනුවට
නුඹේ උයනේ රෝසමල් වල
සියළුම සුවඳට මම කැමැත්තෙමි."

"මා ළඟ රෝසමල් නොමැත;
මඋයනේ සියළුම මල්
පරවී ගොස්ය."

"එසේනම්,
මිලින මල් පෙති ද
කහ පැහැති පත‍්‍රයන් ද
උල්පතේ සියළුම ජලය ද
මම රැගෙන යමි."

සුළඟ පිටවුණි.
හඬා වැලපුණු මා
මාගෙන්ම මෙසේ ඇසුවෙමි.
"නුඹට පවරා දුන් උයනට
නුඹ කුමක් කෙරුවෙහි ද?"




["අන්තෝනියෝ මචාඩෝ | Antonio Machado" විසින් ලියන ලද "රොබර්ට් බ්ලයි | Robert Bly" විසින් ඉංගී‍්‍රසියට පරිවර්තනය කරන ලද "The Wind, One Brilliant Day" කවියේ පරිවර්තනය.]

පරිවර්තනය : මුතු පබා
2010.08.01

(ලංකාවිත්ති - 2011.මාර්තු කලාපය
සිළුමිණ - දීපානි - 06 දෙසැම්බර් 2020)





1 Response to "සුළඟ, එක් කාන්තිමත් දවසක"

  1. Shadow/හේමලයා says:
    August 3, 2010 at 7:28 AM

    අගනා උත්සාහයක්....බොහොමත්ම ස්තුතියි බෙදාහදා ගත්තාට....

Post a Comment

Show Emoticons