මව් සෙනෙහස



අම්මාවරුන් ගේ දිනය නිමිත්තෙන් සැතපුම් ගණනාවක් දුරින් වෙසෙන තම මවට මල් පොකුරක් යැවීම සඳහා, මල් වෙළඳසැල ඉදිරිපිට තම වාහනය නැවැත්තූ ඔහු, ඉන් එළියට පැමිණෙනවාත් සමගම ඒ අසල බර කල්පනාවකින්, ඉමහත් දුකකින් පසුවෙන පුංචි ගෑණු ළමයෙක් දුටුවා.

ඈ ළඟටම පැමිණි ඔහු ”මොකද්ද ප‍්‍රශ්නෙ” යැයි ඇගෙන් විමසුවා.

”මට මගේ අම්මට රතු රෝස මලක් ගන්න ඕනැ. ඒත් මං ගාව තියෙන්නෙ ඩොලර්-සත හැත්තැපහයි. රතු රෝස මලක් ගන්න නම් ඩොලර් දෙකක් ඕනැ” යි ඇය ඔහුට උත්තර දුන්නා.

දයාබරත්වයෙන් ඇය වෙත මද සිනා නැගූ ඔහු ”එන්න මාත් එක්ක.... මම ඔයාට රෝස මලක් අරන් දෙන්නම්” යැයි කියා, ඇය සමග මල් වෙළඳසැල වෙත පිය නැගුවා.

පුංචි ගෑණු ළමයාට රෝස මලක් රැගෙන දී, සිය මවට මල් පොකුරක් ද ඇණවුම් කර, එය මව වෙත යැවීම සඳහා සියල්ල ඉටු කළ ඔහු, වෙළඳසැලෙන් පිටවෙන අවස්තාවේදි.... ”මම ඔයාව ගෙදර ළඟින් බස්සවන්නද ?” යැයි ඇගෙන් ඇසුවා.

”කරදරයක් නැතිනම් මාව, මගේ අම්ම ළඟටම ගිනියනවද ?” යැයි ඇසූ ඇය, සුසාන භූමියට යන මාර්ගය ඔහුට පෙන්නුවා.

වාහනයෙන් බැස සොහොන්බිම වෙත ගිය ඇය, දවස් කීපයකට කළින් මිහිදන් කළ සිය මවගේ දේහය ඇති සොහොන්කොත ළඟ රතු රෝස මල තැන්පත් කෙරුවා.

එය දුටු ඔහු ඉක්මණින් නැවත මල් වෙළඳසැල වෙත ගොස්, අන්තර්ජාලය හරහා තම මවට යැවීම සඳහා ඇණවුම් කළ මල් පොකුර අවලංගු කර, වෙනත් මල් පොකුරක් රැගෙන, සැතපුම් ගණනාවක් දුරින් වෙසෙන තම මව කරා ගමන් ඇරඹුවා.


කර්තෘ අඥාතයි


පරිවර්තනය : මුතු පබා
2010

6 Response to "මව් සෙනෙහස"

  1. Anonymous Says:
    February 1, 2010 at 10:23 PM

    ලස්සන කතාව පබෝ..
    මම ආසයි ඒකට..
    මට කදුළුත් ආවා.. අපේ අම්මා බලන් ඉන්නේ මොන වෙලාවේ මං ගෙදර එයිද කියලා..
    ඒත් තව මාස 4ක් තියෙනවා ගෙදර යන්න...

  2. AJ says:
    February 2, 2010 at 12:01 PM

    ඒක මරු...

  3. Eranga Perera (Muthu Paba) says:
    February 2, 2010 at 8:54 PM

    පිස්සා, අංජන.... ඔය දෙන්නටම ස්තූතියි! :)

  4. WildRose/SnowDrop says:
    February 8, 2011 at 9:14 PM

    Really nice dear!

  5. ප්‍රදීප් says:
    July 8, 2011 at 3:29 PM

    well done

  6. Nuwan Says:
    October 12, 2011 at 5:53 PM

    lassanai akka.

Post a Comment

Show Emoticons