නොමනා කේන්තිය
ඉක්මණින් කෝපයට පත්වෙන පුංචි පිරිමි ළමයෙක් සිටියා. දිනක් ඔහුගේ පියා, ඇණ වලින් පිරුණ මල්ලක් ඔහුට දී කෝපයට පත්වෙන සෑම ඉසිඹුවකදීම, එයින් ඇණය බැගින් ගෙන ලීයෙන් තැනූ වැටට එය සවි කරන්නට ඔහුට අණ කළා.
පළමු දවසේ ඇණ තිස්හතක් වැටට සවි කිරීමට ඔහුට සිදුවුණා.
සති කීපයකට පසු, සැනෙකින් කෝපයට පත්වෙන ස්වභාවය පාලනය කර ගැනීමට ඔහු සමත් වූ නිසා, සවි කිරීමට සිදු වූ ඇණ ගණනද අඩු කරගැනීමට ඔහුට හැකි වුණා. එහෙයින් කෝපය පාලනය කරගැනීම, ඇණ සවි කරනවාට වඩා පහසු බව ඔහුට තේරුණා.
අවසානයේ ඉක්මණින් කෝපවන ස්වභාවය ටිකක්වත් මතු නොවුණ දවසේ, ඔහු ඒ බව සිය පියාට දැන්වුවා. එවිට පියා ඔහු උගත පාඩම දිගටම පවත්වා ගැනීමට, වැටට සවි කළ ඇණ සියල්ලම දිනකට එක බැගින් ගලවන්නට නියම කළා.
කෙමෙන් කෙමෙන් දින ගතවී ඇණ සියල්ලම වැටෙන් අතුරුදහන් වුණ බව, ඔහුට තම පියාට දන්වන්නට හැකි වූ දවස ද උදා වුණා.
එවිට පියා සිය පුතුගේ අතින් අල්ලගෙන වැට ළගට ගොස්........
”පුතා ඔයා ගොඩක් හොඳට වැඩේ කරලා තියෙනවා.... ඒත් බලන්න මේ වැටේ හිල් කොච්චර තියෙනවද කියලා.... දැන් මේ තියෙන වැට ආයෙත් කවදාවත් කලින් තිබුණ වැට බවට පත්වෙන්නෙ නෑ....
.... ඔයා තරහෙන් වචන පාවිච්චි කරනකොට, ඒ වචනත් මේ විදිහටම කැළලක් ඇති කරනවා. මනුස්සයෙකුට පිහියකින් තුවාලයක් සිදු කරලා, ඊට පස්සෙ කොච්චර ”මට සමාවෙන්න” කීවත් වැඩක් නෑ.... තුවාලයේ කැළල එලෙසින්ම පවතිනවා.... කට වචනයෙන් සිදුවෙන තුවාලයත් ශාරීරිකව වෙන තුවාලය තරමටම දරුණුයි....” කියා සිය පුතුට ආදරෙන් තේරුම් කර දුන්නා.
”බෑඞ් ටෙම්පර්” කතාවේ පරිවර්තනය.
පරිවර්තනය : මුතු පබා
2010
February 16, 2010 at 7:56 AM
මනුස්සයෙකුට පිහියකින් තුවාලයක් සිදු කරලා, ඊට පස්සෙ කොච්චර ”මට සමාවෙන්න” කීවත් වැඩක් නෑ.... තුවාලයේ කැළල එලෙසින්ම පවතිනවා.... කට වචනයෙන් සිදුවෙන තුවාලයත් ශාරීරිකව වෙන තුවාලය තරමටම දරුණුයි....”
මට ආදරේ කරන කට්ටිය, කට කැඩෙනකල් ඕක කිවුවා. මම මෙච්චර කලක් හැදුනේ නෑ.. දැනුත් එක්කෙනෙක් මන්තරේ වගේ ඕක කියනවා, මම දන්නේ නෑ මම හැදෙයිද කියලා නම්.. මට මගේ කේන්තිය පිට කරේ නැත්නම්,කිසිම වැඩක් කර ගන්න බෑ.
ඇණ ගැහිල්ලත් නරකම නෑ වගේ.. බලමුකෝ..
February 17, 2010 at 8:59 PM
මම හිතන්නෙ මේ වැරැද්ද අපි හැමෝම අතින් වෙන එකක් පිස්සො.... :)
February 17, 2010 at 9:02 PM
ඔයා හරි චෝයි අනේ.. හැම වැරැද්දම සාධාරණීකරනය කරනවා නේ..
ඒත්..
එහෙම වෙන්න එපා.. වැරදි දේ වැරදි කියන්නකෝ.
February 17, 2010 at 9:18 PM
නෑ නෑ එහෙම සාධාරණීකරනයක් කරේ නෑ මම.. ඒක අනිවා වැරදියි ! මම කීවෙ.... මේ වැරැද්ද හැමෝම අතින් වෙන වැරැද්දක් කියලා විතරයි..
February 18, 2010 at 3:05 AM
එහෙනම් කමක් නෑ...
March 11, 2010 at 3:15 PM
ලස්සන කතාවක්...
March 13, 2010 at 12:16 AM
ස්තූතියි ! සංජීව.. :)
March 28, 2011 at 7:40 AM
Haima lassana kathawak dear