වරද

දවසක් ඉර. . සඳ ට කීවා....
”දවල් වරුවට වසුන්තරාව සරසන්න. . ඔහේට කොහෙත්ම අයිතියක් නෑ....”
සඳ ත්. . ගත් කටටම උත්තර දුන්නා....
” හවස හයෙන් පස්සෙත් දවාල ද ? . . .. තමුන්ට පුළුවන් නම් හවස හයෙන් පස්සෙත් . . අර පාට මේ පාට විසික් කර කර.... වසුන්තරා ව හැඩ කරන්න.... දවාල ට මම ටිකක් පෑයුවම මක් වෙනවද ? ”
මුතු පබා
2007.09.17
(රිවිර.අරුණැල්ල - 2007.10.07)
February 8, 2010 at 10:15 PM
තේරුනේ නෑනේ..
මට හිතෙන්නේ, මට මොළයක් නෑ ඔයා කියන දේවල් තේරුම් ගන්න පබෝ...
මම ඉස්කෝලේ ගිහිල්ලත් නෑනේ, මෝඩ මට මේවා මඤඤං.
ඔන්න ඉතිං, ඔයා මේකට රිප්ලයි කරද්දී අර සුපුරුදු කිච හිනාව නොදා තේරුම් කරලා දෙන්නකෝ...
February 8, 2010 at 10:34 PM
නොතේරෙන තැන කොතනද කියන්නකො....
February 8, 2010 at 10:42 PM
ඔයාට තේරුන විදිය මට කියන්නකෝ..
මේකේ උපහාසයක්ද තියෙන්නේ??
ඔයා සරල සිංහලෙන් කියන්නකෝ..
වසුන්තරාව කියන්නේ අහස නේද?
February 8, 2010 at 10:48 PM
හරියට හරි. වසුන්තරා කියන්නෙ ‘අහස් වියන’ ට. තේරෙන්නෙ නෑ කීවට ඔය තේරිලා තියෙන්නෙ :). ඔය වචනෙ තේරුම දැනගත්තම කතාව තේරම් ගන්න පහසුයි....
February 8, 2010 at 10:55 PM
ඔයාට කියන්න ඕනේ උනේ, හඳ එයාගේ තරම ගැන දන්නේ නෑ කියලාද? එයාට තනියම එළිය දෙන්න බෑ කියන විත්තිය..
එහෙමත් නැත්නම්,
ඉරෙන් එළිය අරං අනුන්ට එළිය දෙන හද, කළගුණ සලකන්න දන්නේ නෑ කියලද?
නැත්නම් වෙන මොනවා හරිද?
February 9, 2010 at 5:43 PM
ඇත්තම කීවොතින් ඔච්චර ගැඹුරට හිතලා මම මේ කතාව ලීවෙ නෑ. දවල් වරුවක අහසෙ හඳ පායලා තියෙනව දැකලා, ඉරට තරහ ගිහින්.... දෙන්න අතර වුණ දෙබසක් විතරමයි මේක....
February 9, 2010 at 5:46 PM
හක් හක් හා....
පබා ඔයා අනිත් දවසේ, ඔන්න ඔහොම පුංචි දේවල් කියලා දෙන්නකෝ...
මම නොදන්න දේවල් ගැන හිතන්නේ හෙන සිරාවටනේ...
ස්තූතියි ඔයාට....