නව වසරට සුපැතුම් !



නැවුම් සුවඳ මිහිමත හොඳින් සිපගන්න
සහනයෙ අරුණැල්ල නොඅඩුව විහිදෙන්න
නව වසරේ පියගැටපෙළ නැග යන්න
ඝනදුර වළා දුරු වී සඳළිය බේරෙන්න

ලය තුළ බුරන ගින්නට සිත යොමුවෙන්න
බැහැරට ඇවිළි ගිනි දෙවනුව දකින්න
ජීවිතය අනියතය අවබෝධය ඇතිවෙන්න
ඇටකටු පවා පස් වන වග තේරෙන්න

උතුර දකූණ දෙකොණ එකට යාවෙන්න
කුල මල ජාති ආගම් බේද දුරුවෙන්න
සැම දන රුහිර රක්තය වග වැටහෙන්න
අප දහදිය කඳුළින් සිරිලක සරුවෙන්න

මිතුදම් සොයුරුදම් සමගින් පිබිදෙන්න
පිය පුතු දුවා සෙනෙහෙන් නැහැවෙන්න
කෙලෙස් කසට මිලිනව මනුදම් සුපිපෙන්න
ලතෙත් ගුණ වැඩුමට නුවණැස පෑදෙන්න

සාමයෙ සිළුව පළමුව සිත දැල්වෙන්න
එමගින් අවට වට පිටාවම එළිවෙන්න
සිරිලක් ධජය නිවහල් සුළගෙ ලෙලදෙන්න
මෙය පැතුමකට නොවි සීමා ඉටුවෙන්න


මුතු පබා
2007.12

4 Response to "නව වසරට සුපැතුම් !"

  1. සෝරෝ says:
    January 2, 2011 at 4:52 AM

    ඔබතුමියටත් එසේම වේවා....!!

  2. Eranga Perera (Muthu Paba) says:
    January 2, 2011 at 8:53 AM

    ස්තූතියි! සෝරෝ.. :)

  3. ayesha says:
    January 4, 2011 at 5:58 AM

    සුභම සුභ නව වසරක් වේවා ඔයාටත්

  4. Eranga Perera (Muthu Paba) says:
    January 4, 2011 at 4:48 PM

    ස්තූතියි! අයේෂා.. :)

Post a Comment

Show Emoticons