පුංචි පැංචි කාලේ



පුංචි ගෙවල් සෙල්ලම් බත් හැදුව පුංචි කාලේ
යන්නට හැකිනම් මා හට පුංචි බාල කාලේ
කිරි කිරි බෝලෙට හිත යයි රැලි රැලි මාලේ
ආලිස්සම් කවඩි සිනා පෑව පුංචි බාලේ

බට්ටො පැනල හැංඟිමුත්තො කරපු බාල කාලේ
අතුරු මිතුරු දඹ දිවතුරු ඇඟිලි ගැනපු කාලේ
එනවානම් ආයෙත් ඒ පුංචි බාල කාලේ
දිව යන්නට ඉපිලෙන්නට පුංචි පැංචි වාගේ


මුතු පබා
2006.07.18

8 Response to "පුංචි පැංචි කාලේ"

  1. Shadow/හේමලයා says:
    August 20, 2010 at 3:27 AM

    ලස්සනම ලස්සන පද ටිකක්......

  2. Pasan says:
    August 20, 2010 at 8:10 AM

    ලස්සන නිර්මාණයක්....

  3. ayesha says:
    August 20, 2010 at 8:35 AM

    nice...

  4. Naදී says:
    August 21, 2010 at 11:16 AM

    හරිම ලස්සනයි. පොඩි කාලේ වගේ මේ කවි කියව කියව නටන්න හිතුනා.

  5. Eranga Perera (Muthu Paba) says:
    August 21, 2010 at 6:37 PM

    හේමලයා, පසන්, අයේෂා, නදී.. ඔයාලා හැමෝටම බොහෝ තුති! :).. වෙලාව ලැබෙන විදිහට මමත් ඔයාලගේ බ්ලොග් අඩවි වලට ගොඩවෙලා යන්න අනිවාර්යෙන්ම එන්නම්..

  6. තක්ෂිල says:
    August 22, 2010 at 6:01 AM

    ඡිවිතයට ආදරයක්......
    ආදරයට සෙ‍නෙහසක්...
    සෙනෙහසට මතකයක්...
    මතකයට පාඩමක් ....
    වුණි අපේ පොඩි කායකයක්...

  7. Eranga Perera (Muthu Paba) says:
    August 22, 2010 at 3:30 PM

    ස්තූතියි! තක්ෂිල.. :)

  8. kawi araNa says:
    October 14, 2013 at 4:49 PM

    කිරි කිරි බෝලේ - ‍රැළි ‍රැළි මාලේ
    සතුට පිරි මා බාල කාලේ
    කෙසේ නම් විඳින්නද ආයේ

    පොඩි කාලේ සොඳුරු මතකයන් අවදි කරන සොඳුරු නිර්මාණයක්

Post a Comment

Show Emoticons