පිණිබිඳු මේඛලා



සිටිනා විලස නුඹ
බොහොම අපූරුය
දින දින
නිහඬවත රැක රැක
වගේ වගක්
නැති ලෙසට

ඉතින්....
කෙසේ නම් කියමිද
එදවස නුඹෙන් තිළිණ ලද
සොඳුරු පබැදුම්
තවමත් මිහිරි යැයි

සංකා සෝ තැවුල් නොමතැයි
මුල මැද අග පටලවාගෙන
අවිඳු අඳුරක එරුණු කල
හිතුවක්කාර මුණිවත නිසාම
වසන්තය යළිත්
බෝ දුර ගොස් ඇති විටෙක

දුක මටය
මහා මෙරක් තරමටම
නැත !
ඊටත් වැඩිය....

එනිසාවෙන්
නීරස අහිමිවීම්
හොඳින් හුරු පුරුදු
මසිත හූල්ලන හීල්ලිලි අමුණා
නුඹට එවනෙමි
පිණිබිංඳු මාලයක් 

එහෙත් පැනයකි !

ඉසිඹුවක් ලැබේවි ද නුඹ හට
පිණි බිඳුවක සීතලම සීතල
විඳගන්න ?
 
 
මුතු පබා
2009.07.23

5 Response to "පිණිබිඳු මේඛලා"

  1. Shadow/හේමලයා says:
    August 12, 2010 at 3:53 AM

    "හිතුවක්කාර මුණිවත" ඒකනම් නියම යෙදුම......:)

  2. ayesha says:
    August 12, 2010 at 6:53 AM

    අපූරුයි යාළු..

  3. Eranga Perera (Muthu Paba) says:
    August 12, 2010 at 11:34 AM

    ඔයාලට ස්තූතියි ! :)

  4. jayantha colombage says:
    August 17, 2010 at 2:39 AM

    ලස්සනයි..හෘදයාංගමයි

  5. Eranga Perera (Muthu Paba) says:
    August 17, 2010 at 9:38 PM

    ස්තූතියි! ජයන්ත.. :)

Post a Comment

Show Emoticons