Posted in
Labels:
Sinhala,
කවි
|
Wednesday, February 17, 2010
මා ළගම වාඩි වී
නිසසලව එක හිතින්....
පෙම්පතක් නුඹ ලියයි
ඇයට මුළු හදවතින්....
කඳුළු බිඳු දෙනෙත තුළ
හිරකරන් මම ඉතින්....
බලාඉමි දුර ඈත
ආදරේ නොකියමින්....
මිතුර නුඹ හිනැහෙන්න
ජීවිතේ මුළුමනින්....
පතන්නම් නුඹෙ මිතුරි
දුක සඟව හදවතින්....
මුතු පබා
2006
February 18, 2010 at 3:30 AM
යාළුකමයි, ආදරයයි කියන්නේ දෙකක් නේ පබෝ!!
ඉතින් එහෙම වෙන්න පුළුවනි. හෙ හේ..
February 18, 2010 at 6:01 AM
තුති පබා.
February 19, 2010 at 7:54 AM
කියා දැමූ සෙනෙහසට වඩා, කියා ගන්නට බැරි වුන සෙනෙහස....මොන තරම් සුන්දර ද..??
February 19, 2010 at 7:45 PM
පිස්සා, සිරිමල් අයියා, නිල් අහස.... මගෙ කවිය කියවපු රස විඳපු.. ඔයාලා තුන්දෙනාටම ස්තූතියි ! :)
February 6, 2011 at 8:48 AM
Oyage heam kaviyak ma hari ma lassanai dear..write some more.
February 6, 2011 at 7:54 PM
Tx sis.. :HUG