තනි තරුව



පැතුම් මිලින කර මා හැර ගිය නුඹ
යළි කවදා මා හමුවන්නේ
සංසාරේ තව එක දවසක් හෝ
හමුවී මා සිත සනසන්නේ

කඳුළු ගීත මා අද ගොතනා
ඔබ වෙනුවෙන් මේ ලියැවෙන්නේ
එන්න එක වරක් මා හමුවට ඔබ
ඔබ නැතිවනෙ සිත ලතැවෙන්නේ

තනි තරුවක් මා ඈත අහසෙ අද
සුසුම් හෙළා ඉකිබිඳින හොරෙන්
සඳට මුළු හිතින් පෙම්කළ වරදට
ලොවම එරෙහි වී මටම ඉතින්


මුතු පබා
2007

5 Response to "තනි තරුව"

  1. Anonymous Says:
    July 25, 2011 at 7:07 AM

    යන්න ඕනේ අයට යන්න දෙන්න,ඒකත් අදරයේම කොටසක් කියල හිතන්න.

  2. Eranga Perera (Muthu Paba) says:
    July 25, 2011 at 2:00 PM

    Anonymous - සහතික ඇත්ත..!!

  3. - නිල් අහස - says:
    July 26, 2011 at 9:54 AM

    අහසේ තියෙන තනි තරුවලට පෙම් බදින අය..ඕන තරම් ඉන්නවා...මහ පොලොවේ.

    ඒ හන්දා ඔය තරුව තනි වෙන් නෑ ...කවදාවත්.

  4. Eranga Perera (Muthu Paba) says:
    July 26, 2011 at 3:58 PM

    නිල් අහස - අප්පච්චියේ ඇත්ත නේන්නම්.. ඒ වගක් මට නිකමටවත් හිතුණෙ නෑ නෙව..

  5. WildRose/SnowDrop says:
    August 8, 2011 at 5:18 AM

    Anonymous said...
    යන්න ඕනේ අයට යන්න දෙන්න,ඒකත් අදරයේම කොටසක් කියල හිතන්න.
    Atta kiyala tiyenne nedda!
    Ehema yanna eriya ma ape ageth tere....

    Muthu..Nilahasa kiwa wage..oya taniwenne na kawadawath

Post a Comment

Show Emoticons