රෝස සිහිනය

ජීවන උයන්තෙර එකළු කරලන්න
මගේ - රෝස සිහිනය
දිනිඳු හා විකසිතව
මා මුවගින් ගිලිහිච්ච
සිනහ කැන්, නැවත මට ගෙන එන්න
ඉමක් කොනක් නැති
සිහින කන්දරාව
දූවිල්ලක් වූවත් කම් නැත
රෝස සිහිනයේ
ජීවත් වෙන්නට එකම එක
ඉඳුවර සිහිනයක් මට ගෙන දෙන්න
සිදංගනාවියක් අප්සරාවියක්
නොවෙමි මම
අත්තටු පණ නැති
පාට සේදුණු සමනලියක්මි
මගේ - රෝස සිහිනයේ
දේදුන්නෙන් පාට ඇබිත්තක්
ඉල්ලගෙන, මගේ අත්තටු
මදක් හෝ සරසන්න
”ජීවිතය ගීතයකි”
එයට රිද්මයකින් පණ පොවන්නට
කවියක් වූ මගේ - රෝස සිහිනය
හදවතේ යළිදු පිබිදෙන්න
මුතු පබා
2007.03.03
(ලක්බිම.මංජුසාව.කවි - 2009.07.12)
August 1, 2011 at 4:48 PM
හරිම ලස්සන රෝස සිහිනයක්....
August 2, 2011 at 12:56 PM
:)
August 2, 2011 at 2:16 PM
සිහිනය යථාර්ථයක් කර ගන්න බලමු ..නේද..මුතූ.
August 2, 2011 at 5:21 PM
අත්තටු පණ නැති වුණාම රෝසි සිහිනයකින්වත් පිරී යා යුතුයි නේද?
August 2, 2011 at 7:21 PM
නිල් අහස - ඔව් අප්පා.. සිහිනය යථාර්ථයක් කර ගන්න ඕනි කොහොම හරි..
Outsider - ඒකනෙ.. සිහිනයක්වත් හිතේ තියාගෙන ජීවත් වෙන්න එපැයි එතකොට..
August 8, 2011 at 5:14 AM
Sis..what a lovely poem....post more poems dear
August 8, 2011 at 5:54 PM
Thx! Sis.. :HUG ..