නොඉවසිල්ල

කෑලි කැපිය හැකි තරම්
කට්ට කළුවරේ
බංකර නිවහනට වී
සිටිමි මම සෝදිසියෙන්....
විටෙකින් ඇසෙයි පා හඬක්
සතුරෙක් ද, මිතුරෙක් ද?
නොදනිමි....
ගිනි අවිය තව තවත්
ඉබේ දෑතට හිරවෙද්දි
සීතල පස් ගෝනි අතරින්
දෙනෙත පා කරවමි කළුවරට
නැත....
කිසිත් නැත කිසිවෙක් නැත
සෙබල මිතුරන්ගේ
හුස්ම පොදක ජීවය දකින්න....
හිරුදේවි නැගෙනකල්
ජනිත වෙන නොඉවසිල්ල මිස
බයක් නම් අහලකවත් නැත
මුතු පබා
2007.03.10
(ලංකාවිත්ති - 2008.ඔක්තෝබර් කලාපය)
July 12, 2011 at 9:44 PM
Adahas Pela Agei akke... :)
July 13, 2011 at 1:41 PM
Thx! Malliya :)
July 15, 2011 at 10:22 AM
මමත් හැමදාම කල්පනා කරනවා මරණය දැක දැක ඉදිරි යුධ පෙරමුණේ ඉන්න සොල්දාදුවාගේ මනසට බයක් දැනෙයිද නොදැනෙයිද කියා...
ඔබ උත්තරයක් දී ඇත...
ජය..
January 4, 2012 at 2:46 PM
mehema kepa wena ayata ithiri hirage thama..........
January 4, 2012 at 3:32 PM
Hmmmmmm....