වසන්තයත් යන්න ගියා නම්



වසන්තයත් යන්න ගියා නම්
ගිම්හානෙත් යන්න ගියා නම්
හේමන්තෙත් යන්න යනවනම්
කුමට ඉන්නෙ තවත් බලා
සිසිරයෙ සසිරිය එනවද පායා

කැකුළු පීදුනා
මල් ඵල හට ගෙන
සුවඳ තැනින් තැන පියෑඹුවා
ඉරට හඳට හාද වුණත්
අවසානයේ මලට මෙන්ම
මල් සුවඳට
සමුගන්නට වෙලාව ආවා

දැන් කොළත් හැලෙනවා
දුකින් වුණත් හිමින් වුණත්
හැලිලම යනවා
ටික දිනකින් සීත ඒවි
නිරුවත් තුරුවැල් සිඹීවි
පමා නොවී හිම පියලිත්
අහස මවාවී


2013.08.30

1 Response to "වසන්තයත් යන්න ගියා නම්"

  1. ගමයා says:
    November 15, 2013 at 6:43 AM

    ඉර හඳ දිගටම තියේවි
    ඔබෙ අත්ලට හාදු දේවි
    මුදු අතැඟිලි උණුසුමී කර
    හිම පියල්ල දියව යාවි

    තුරුවැල් සළුපිළි අඳීවි
    සුවඳ දසත පැතිර යාවි
    වසන්තයක් ආයි ඒවි
    ඇයි දුක් වන්නේ........

Post a Comment

Show Emoticons