Posted in
Labels:
Sinhala,
කවි
|
Wednesday, June 01, 2011
අහන්න එපා
මම කොච්චරක් ආදරේද කියලා
අහන්න එපා
ඇයි මම මෙච්චරක් ආදරේද කියලත්
දෙයියනේ....
ඔය උණුසුමට තුරුළු වෙලා
ආදරය විඳගන්න තියෙන
ඒ සොඳුරු වෙලාවෙන්,
ඩින්ගිත්තක්වත් මගෙන්
උදුර ගන්නත් එපා....
මට ආදරය විඳගන්න
මට ආදරය කරන්න
විතරක්ම ඉඩ දෙන්න
සුදු මහත්තයෝ....
මුතු පබා
2006.07.21
June 1, 2011 at 7:27 AM
ආදරයේ සොදුරු බව අකුරු වලට පෙරලුනු මොහොතක්.....
ලස්සනයි.
June 1, 2011 at 8:43 AM
ඒ සොඳුරු බව හැමදාම ලඟ රඳව ගන්න....ආදරය සුන්දරයි...බැඳීම තුල රැඳෙන කල්ම....... සරළ සුන්දර පද ටිකක්