Posted in
Labels:
Sinhala,
කවි
|
Thursday, February 03, 2011
දුකට පුදන මල්
තුටින් පුදන මල්
ජය පැරදුම ළග
සැමදා නෙක මල්
නත්තල අවුරුදු
සමරන අපෙ මල්
මව්පිය දිනයට
සෙනෙහස කැටි මල්
උපන් දවසට
පාට පොකුරු මල්
අතැඟිලි බැඳෙද්දි
තේරුම් ඇති මල්
දාඩිය ශ්‍රමයෙන්
යසට වැඩුණු මල්
අතට පිච්චියක්
දී ඉගිලෙයි මල්
අපට උරුම කර
ලුණුදිය රත්මල්
මුතු පබා
February 4, 2011 at 4:10 AM
ලස්සනයී...
ජය වේවා...!!
February 4, 2011 at 7:10 AM
මල් කම්කරුවට විතරක් නෙවෙයි අනෙක් දේවල් වලදීත් ඒ ආනිශංසෙම තමයි. බතත් එළවලුවත් සපයන ගොවියටත් අන්තිමට වෙන්නෙ ඒ ටිකයි. ඒත් ඇත්ත වශයෙන්ම බැලුවොත් ඔවුන් තමයි මනුෂ්‍යත්වය ආරක්ෂා කරන්නෙ. මොන උත්තමය වුණත් සදාකාලික ණයගැති වෙන්නෙ මොවුන්ටයි ඒ බව නොදැණුනත්.
හැමදාම වගේ ලස්සනයි අදහස..
February 4, 2011 at 7:35 PM
ස්තූතියි! සෝරෝ.. :)
Outsider.. ඔව් ඇත්ත.. සහතික ඇත්ත..
February 5, 2011 at 5:20 AM
හිනාවෙලා ඉන්න හැමෝගෙම වාගේ හිතේ තියෙන්නේ දුක විතරයි.