දුරස් වූ සිහිනය

කලා වැව සිපගන්න
ඇසළ සඳ කිරණ යට
දෙඞුව මුතු පබළු වැල්
හඬනවා....
මා දමා ඔහු ගිහින්
යළි නොයෙන ලෙසට දුර
ඇසළ සඳ යට මෙමා
තනිවෙලා....

අපේ පෙම් රහස් ගැන
දැන උන් මල් පොකුරු
පුදුමයෙන් පිබිද
බලනවා....
සුදුවතින් සැරසීලා
හඬන මා දෙස බලා
රෑ කුමරි මල් සොවින්
මැලවෙනා....

කලා වැව තරහ නොවි
ඕලු මල් පුබුදන්න
නිමල නිර්මල සුවඳ
ගල්වලා....
හිමිදිරියෙ මට ඉතින්
ඔහු වැළලු සොහොන් බිම
මල් වලින් පුරවන්න
පේවිලා....


මුතු පබා
2006

10 Response to "දුරස් වූ සිහිනය"

  1. තිස්ස දොඩන්ගොඩ says:
    February 15, 2011 at 5:05 PM

    "ගම් දොර සුහුඹුල් මතකය වැලපී...
    සිත මා තෙමා වැටෙයි...
    ඔබ කොහිද කොහිද සොයමී...
    ඔබ ලඟම ලඟම හිඳිමී.."

  2. Eranga Perera (Muthu Paba) says:
    February 15, 2011 at 6:24 PM

    "ඔබේ සුරත් පහසින් ගිලිහී
    ලිය ගොමු ලන්දේ
    සොවින් සැලෙයි....
    තණපත් මුදු පිණි කඳුලින් බරවී
    ඔබ පා පහස පතයි....
    ඔබ කොහිද කොහිද සොයමී...."

  3. තිස්ස දොඩන්ගොඩ says:
    February 15, 2011 at 6:28 PM

    මම ඔබතුමියගේ හිත ආයේ ආයේ නරක් කරනවාද මන්දා...

  4. Eranga Perera (Muthu Paba) says:
    February 15, 2011 at 6:34 PM

    නෑ නෑ එහෙම එකක් නෑ තිස්ස..

    "දුරස් වූ සිහිනය" බ්ලොග් අඩවියේ පල කරන්න මම කොහොමත් හිතන් උන්නෙ.. "තුරුලිය නිසලයි.. වැව් දිය සසලයි" ගීතය ඇහුවට පස්සෙ හිතුණා, ඒක පල කරන්න තවත් කල් ගන්නෙ මොකටද කියලා..

  5. Nuwan Says:
    February 15, 2011 at 7:24 PM

    Lassanai akke godak...

  6. Eranga Perera (Muthu Paba) says:
    February 16, 2011 at 2:26 PM

    Tx.. Malli..

  7. WildRose/SnowDrop says:
    February 19, 2011 at 2:24 AM

    Godak lassani dear..thawa liyanna mang balanna innawooooooo

  8. Eranga Perera (Muthu Paba) says:
    February 19, 2011 at 3:53 AM

    Thank You dear sis..

  9. තක්ෂිල says:
    February 19, 2011 at 4:20 AM

    සිහිල් සුළගත් රළු වෙලා
    හිරු කිරණත් හොදටම වැඩි වෙලා
    සියතයත් දැන් ගුලි වෙලා
    අමාවක සද පායලා....

  10. Eranga Perera (Muthu Paba) says:
    February 19, 2011 at 11:57 PM

    ස්තූතියි! තක්ෂිල.. :)

Post a Comment

Show Emoticons