සිහින කුමරුට

Image and video hosting by TinyPic

සුවඳයි පෙම මල් සුවඳයි
එළියයි පෙම රන්තරු එළියයි
ආදරෙයි මං ආදරෙයි
ඔබටමයි මේ ඇත්තමයි

හිත මගේ ඔබම හොයනවා
සිතුම් පොදි පිටින් පිපෙනවා

ජීවන ගීයම එළි කරයි
ඒ ඔබ තමයි මේ ඇත්තමයි
ඇවිදින් කියන් මට ආදරෙයි
මගේ සිහිනය ඔබ තමයි

සෙනෙහේ පොහොට්ටුව හිනැහිලා
පිපෙන්නට මග බලනවා

ඔබේ සුවඳට හද දුවයි
ජීවන සුවඳත් එය තමයි
සොයා එන්නකො හද මග බලයි
මා නුවන් පොඩි මුරණ්ඩුයි

සැනසෙන්නම් මා සැනසෙන්නම්
සිහිනයක් නොවී ඔබ එනවනම්


මුතු පබා
2006.08


සිහිනය මිහිරියි ඔබ ආවොතින් එය සුමිහිරියි....!!

10 Response to "සිහින කුමරුට"

  1. ගීත් (සහෘදයා) says:
    September 16, 2010 at 9:12 AM

    ආහ්හා.....මේකත් සිංදුවක් කරන්නකෝ.....ලස්සන තනුවක් හදන්න පුළුවන් මේකට

  2. විහඟ ගීතය says:
    September 16, 2010 at 10:51 AM

    සියොළඟ නිතරම සුවඳ දිදී
    සුළඟක් වී මම දැවටෙනවා
    නිදියහනේ සුව සිහිනෙක පැටලී
    නුඹෙ සිත් අද්දර ගුලිවෙනවා
    සිහින සැබෑවෙන දවසක් එනබව
    නුඹට මෙනම මට වැටහෙනවා
    ඒ සුභ දවසට දෑස් අයාගෙන
    නෙතු අද්දර ඉද හිනැහෙනවා

  3. තක්ෂිල says:
    September 19, 2010 at 5:41 AM

    සිහිනයේ පාවී
    සුසුමන් සැගවීලා
    ආදරය සෙමින් සෙමින්
    දුරුවෙලා

  4. මිගාර says:
    September 19, 2010 at 8:30 AM

    කවිය ලස්සනයි. සිහින කුමරු සිහිනයක් නොවන්න කියල පතනව!

  5. තිස්ස දොඩන්ගොඩ says:
    September 19, 2010 at 5:35 PM

    ගමනේ ගිම් නිවනා කවක්...!

  6. ayesha says:
    September 20, 2010 at 6:22 PM

    සිහිනයක් නොවී පැමිණේවා!

  7. Eranga Perera (Muthu Paba) says:
    October 11, 2010 at 8:34 PM

    ප‍්‍රතිචාර දැක්වූ ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි ! :)

  8. Prasanna says:
    March 14, 2011 at 8:38 PM

    ආදරෙයි මං ආදරෙයි ...ඔබටමයි මේ ඇත්තමයි ... very romantic ... so tell us, who?

  9. Eranga Perera (Muthu Paba) says:
    March 14, 2011 at 8:42 PM

    someone very special..

  10. PR says:
    November 3, 2011 at 4:02 PM

    I see, must be very special.

Post a Comment

Show Emoticons