මුලාව



කළුවර අහසේ
ගස් අතු අතරින්
මැවුණා එකපාරටම
නිවි නිවී දිලෙන
රතුම රතු තරුවක්

නෑ.. අයියෝ....

කොහාටද පියාඹන
අහස්නැවක්..


මුතු පබා
2007.04.20

6 Response to "මුලාව"

  1. Naදී says:
    September 4, 2010 at 6:10 AM

    ඇස් රවටන එළි වලට මුලාවෙන එකනම් පසුතැවිලි කෝටියකට මුලපුරන්නක්.ඔබ කිව් දේ හරි.

  2. ayesha says:
    September 4, 2010 at 8:11 AM

    ඇස් වලින් පෙන්නන හැම දේම හරි නෙවෙයි

  3. තිස්ස දොඩන්ගොඩ says:
    September 5, 2010 at 5:09 PM

    සිත සැනහෙනවානම් ඇත්තක් මොටද....

  4. Eranga Perera (Muthu Paba) says:
    September 5, 2010 at 6:53 PM

    නදී, අයේෂා.. ස්තූතියි! සොයුරියනේ.. :)

    තිස්ස.. මගේ අදහස නම්, මුසාවෙන්/මුලාවෙන් සැනසීම තාවකාලික සතුටක්.. හිතා මතා තමා විහින් තමාවම රවටා ගැනීමක්.. :)

  5. තිස්ස දොඩන්ගොඩ says:
    September 5, 2010 at 6:55 PM

    ඔව් ඒක හැබෑව... ඒ නිසා මම හිත තුටු පහටු වෙන දේයක් වින්දම ඒකේ අග මුල නොසොයා අර වින්දනයෙන් සැනසෙන්න බලනවා දැන්...

  6. තක්ෂිල says:
    September 11, 2010 at 4:49 AM

    හිතගාව හැමදාම..
    දොඩවනා ..
    නින්දෙන් දෝ..
    ඇස් ඇරලා ..
    වටපිටාව..
    නැත යමක් දිස්වන්න..
    මුළාවෙන් දැන්..
    බොළද වෙලා..

Post a Comment

Show Emoticons