ගීතයකි ඔබ



ගීතයකි ඔබ තවම නොලියවුණු
ඇඟිලිතුඩු වලින් ගිලිහෙනා
හුස්මෙන් හුස්මෙන් මතකෙට ඇවිදින්
හදවත දුකකින් පුරවනා

ඔබ මට කීවත් මං නොකියූ ඒ
සෙනෙහස ගොළු වී වැලපෙනා
අඹරේ පායන දේදුන්නක් සේ
හදඹරෙ පායා වියැකෙනා

උල්කාවක් සේ නෙතු අග මැවිලා
සිනා රැල්ලකින් මුව සරසා
විදුලිය සේ යළි නිවී සැඟව ගොස්
මුව හසරැලි මුකුලිත කරනා

මුතු කියන්නේ කඳුළු බිඳු බව
කවදාදෝ නුඹ වටහා ගන්නේ
මමත් ආදරෙයි නොකිය කියූ බව
නොම දැනදෝ නොදොඩා ඉන්නේ


මුතු පබා
2009

5 Response to "ගීතයකි ඔබ"

  1. Shadow/හේමලයා says:
    July 22, 2010 at 3:03 AM

    සිනහව කඳුල අතර සීරුවට අතුර දිගේ යන ගමනක් නේද ආදරය..කොයිතරම් ලීවත් මගෙ පදවැල් නුඹේ තනුවට නොගැලපේ නම්......කොයිතරම් මිහිරි ලෙස ගැවුවත් නොගැලපේ නම් මයෙ හඬ නුඹේ ගීයට........

  2. ayesha says:
    July 22, 2010 at 12:42 PM

    ම්.... ලස්සනයි කවි. හැමදාම ලියන්න මගේ සුභපැතුම්

  3. Eranga Perera (Muthu Paba) says:
    July 24, 2010 at 1:35 PM

    Shadow, Ayesha.. දෙන්නටම ස්තූතියි ! :)

  4. Prasanna says:
    March 14, 2011 at 8:43 PM

    මුතු කියන්නේ කඳුළු බිඳු බව .... :-( no, i don't think so...besides I never seen u crying!

  5. Eranga Perera (Muthu Paba) says:
    March 14, 2011 at 9:06 PM

    very funny prasanna..

Post a Comment

Show Emoticons