ඒ පුංචි දැරිවිය

දකියි ඇය..
මග තොට යන එන
නෙකවිධ මිනිසුන්
සමහරෙක් පී‍්‍රති මුවින් ද
තවත් සමහරෙක්
රවා බුම්මාගෙන ද,
එහාට මෙහාට යයි එයි
නොසිතූ මොහොතක
ඇය දෙසට,
දිගු වෙයි අතක්.
බිම ඇතිරූ ඉටි රෙද්දට
වැටෙයි කාසියක්
සැණෙකින් බලයි
ඇය තම මව දෙස.
සිය බිළිඳු සොයුරා
උකුලේ හොවා,
යනෙනා දනන් වෙත
බැල්ම රඳවා අයැදින
ඇය ද ඇය හා
බලයි ඔවුන් දෙස
මොහොතකින්
නෙතු බිමට හරවා,
වැරහැලි ගවුමේ
සිදුරක් හාරයි.
දූවිලි නාගත්
හුරුබුහුටි පුංචි දෙපා
එකින් එක පිරිමැදෙයි
මුතු පබා
2010.07.24
(ලංකාවිත්ති - 2010 සැප්තැම්බර් කලාපය)
July 24, 2010 at 1:41 PM
මිට මොළවා ගෙන යන
අත් මිටි.....
හකුලාගෙන සිත් පිත්......
දිගහැරේවිද
යන්තමට වත්....
එකම එක තත්පරයකට හරි.......
දැකලවත් නුඹේ මුහුණු පොඩිය.....
July 24, 2010 at 7:48 PM
ඔය දැරිවිට දමන සල්ලි උගෙ අයියල අක්කල අම්මල තාත්තල කසිප්පු බොන්න ,,කුඩු ගහන්න,,ගන්ජ උරන්න..බීඩි ගහන්න ගන්නව මිසක් රුපියල් දාහක් දැම්මත් ඔය පොඩි එකා නාවල තියෙන විදිහට හරි පිරිසිදු ඇඳුමක් අන්දනවද???
අපේ උපාසක තක්කඩින්ට ලේසියෙන් නිවන් යන්න තියෙන පහසු පින්කමක් තමා හිඟන්නො කියන්නෙ...උන්ගෙ දරුවො තමා උන්ගෙ මාකටින් ප්‍රෝග්‍රෑම් එකේ ජීවමාන සම්පත්
July 26, 2010 at 9:06 AM
මහ උන්ගේ නොහොබිනා වැඩ වලට වන්දි ගෙවන පොඩි එවුන්