රෑ සමනලී



සමනලී සමනලී
මගේ විතරයි නුඹ සමනලී

හිරු දේවිය හිමි නුඹට විතරද
සඳ දෙව්දුව හිමි නුඹට විතරද
රෑ සමනලී මං

නුඹට විතරක් හිමි නොවේ

සල්ලාල බඹරෙකු ලෙස
මා නොදකින්න
ගින්දරකි මට දැන්
වරක් කෙරූ පව
සමනලී මට සමාවෙන්
නුඹ මගේ වී

පෙමින් බැඳෙන්නට
නැත මට අවසර
ඇස් මස් ඉස් මගෙ
දන් දී ඇත මා
රෑ සමනලී මං
නුඹට විතරක් හිමි නොවේ


සෙනෙහස අඳ නොවෙ
දෙනෙත විවර සඳ
වාවනු නොහැකියි
නුඹෙ අසරණකම
සමනලී මට සමාවී 
මගේ විමානෙට යමු ඉගිලී

මං සිරකාරිය දැන් සිරකාරිය
සම්මතය සිරගෙදර
ඇසුවොතින් මධු වදන්
මතුදාත් අපහාස සිරගෙදර
රෑ සමනලී එවිට මං
නුඹට විතරක් හිමිනොවුණ



මුතු පබා
2009.01

7 Response to "රෑ සමනලී"

  1. Gayan Tharaka says:
    April 3, 2010 at 4:48 AM

    මුතු පබා මේක මාස 4ක් තිස්සේ ලියපු එකක් වගේ

  2. ``` Outsider``` says:
    April 3, 2010 at 5:22 AM

    ලස්සන අදහසක්...

  3. Anonymous Says:
    April 3, 2010 at 10:00 AM

    මුතූ, මම තේරුම් ගත්ත විදිය හරිද බලන්න..

    1. මේක ගණිකාවක් හා ඇය ඇසුරු කරන පිරිමියෙක් අතර ඇතිවන දෙබසක්.
    2. පිරිමියාට ආදරයක් ඇතිවෙලා ඇය ගැන. ඉතිං කැමතියි ඇයව විවාහ කරගන්න.
    3. ඒත් සමනලී බයයි, එයා මේ දැන් ගතකරන ජීවිතේ ගැන කියලා, මිනිහා අනාගතේ ප්‍රශ්න ඇති කරයි කියලා..(මට අන්තිම කෑල්ල තේරුනේ නෑ, හරියටම)
    4.එහෙමත් නැත්නම් ඇය බදින්න අකමැති කෙනෙක් නිසා,(බැන්දොත් මේ තියෙන නිදහස නැතිවෙයි කියලා හිතං) ඉර, හඳ උදාහරනෙට අරං, එක එක බයිලා කියවනවා.

    මං හරිද?

    හෙහේ... ඔන්න මම ඒ මිනිහා උනා නම්, දෙවෙනි කවියෙන් පස්සේ මෙහෙම අහනවා..

    ඕන නෑ,
    මට ඔය
    පයිත්තියං කතා...

    කියාපං
    කෙළින්ම
    'හා' ද?
    'බෑ' ද?...

  4. Eranga Perera (Muthu Paba) says:
    April 3, 2010 at 11:54 AM

    ගයාන්, කවිය ප‍්‍රමාණයෙන් දිග වැඩී වගේ පෙනෙන නිසා එහෙම හිතෙන එක සාධාරණයි....

    ස්තූතියි ! Outsider :)

    පිස්සා.. ඔයාගෙ 1 නි, 2 නි සහ 3 නි අදහස් නිවැරදියි.
    4 නි අදහස වැරදියි. වැරදියි කියල කීවෙ..
    මගේ කවියේ ඉන්න රෑ සමනලී නිදහස නැති වෙයි කියන බයට නෙමෙයි බැහැයි කියන්නෙ....
    (මට හිතෙන විදිහට) හොඳට හිතුවොතින් ඒක නිදහසකුත් නම් නෙමෙයි....

  5. Anonymous Says:
    April 3, 2010 at 12:08 PM

    හ්ම්ම්...

  6. මිගාර says:
    April 3, 2010 at 2:46 PM

    අදයි මේ බ්ලොගය මුලින්ම දැක්කෙ. කවදත් වගේ මුතු ගේ පදවැල් හරිම සංවේදීයි. දිගටම ලියන්න.

  7. Eranga Perera (Muthu Paba) says:
    April 4, 2010 at 1:45 AM

    මිගාරයියා.. කාලෙකින් ! සතුටුයි මගේ බ්ලොග් අඩවියට ගොඩවැදුනට.. :)

Post a Comment

Show Emoticons