එදවස එනතෙක්....

සිතපුරා සුපිපුණු
සුවඳ සෙනෙහේ මල
වේදනාවෙන් දැවෙන්නේ
නුඹ පමණක්ම නොව
තිමිර වළා දෙපළු කර
රත්රන් හිරුකිරණ
ජීවිතය ඇබිත්තක්වත්
එළිය කරනතෙක්
තැවෙන්නේ....
නුඹ පමණක්ම නොව
දරාගන්නට නොහැකිව
අහස පොළොව අතරට
මුසුවෙන....
බරැති සුසුම් රැලි
නුඹගේ පමණක්ම නොව
බොඳවගිය නෙත් තුළින්
ගගනත කුසුම් දෙස
බලා ඉන්නේ....
නුඹ පමණක්ම නොව
සුළඟත එවන
පියාඹන හාදුවල කැටිවුණ
නිමක් නොවනා ආදරය
දැනේදැයි ලතවෙන්නෙ
නුඹ පමණක්ම නොව
”සොඳුර....
නුඹ මගේ පණ නලයි
මගේ මුළු ජීවිතයයි”
කියා සිතනුයෙ ද....
නුඹ පමණක්ම නොව
මුතු පබා
2010.04.10
April 11, 2010 at 6:55 AM
"සුළඟත එවන
පියාඹන හාදුවල කැටිවුණ
නිමක් නොවනා ආදරය
දැනේදැයි ලතවෙන්නෙ
නුඹ පමණක්ම නොව
”සොඳුර....
නුඹ මගේ පණ නලයි
මගේ මුළු ජීවිතයයි”
කියා සිතනුයෙ ද....
නුඹ පමණක්ම නොව"
ඒ හැඟිම තමයි ආදරේ කරන්න පටන් ගනිද්දි දැනෙන ලස්සනම හැඟීම
හරිම ලස්සන කවිපෙලක්......
April 11, 2010 at 2:03 PM
This is really nice.
I'm speechless Muthu.
April 11, 2010 at 3:46 PM
පුංචි සමනළී, පිස්සා..
ඔය දෙන්නටම.... ස්තූතියි ! :)