සතුට
වෙලාව අළුයම දොළහයි. මිත්‍යා කුල්ඩරොව් උනන්දු මුහුණකින් සහ අවුල් වූ හිසකෙසින්, සිය දෙමව්පියන් වෙසෙන මහල් නිවාසයට පියාඹා ගොස්, කඩිමුඩියේ එහි ඇති සෑම කාමරයකටම දිවුවේය. ඒ වෙනකොටත් දෙමව්පියන් ද, නව කතාවේ අන්තිම පිටුවත් කියවා අහවර කර තිබූ සිය සොහොයුරිද ඇඳට ගොස් සිටි අතර, පාසැල් යන සහෝදරයින් නින්දේ පසු වූවෝය.
''කොහේ ඉඳලද ඔයා ආවෙ ?'' ඔහුගේ දෙමව්පියන් මවිතයෙන් කඳුළු සැලුවෝය. ''මොකද්ද ප්‍රශ්නෙ ?''
''අහ්.... අහන්න එපා ! අහන්න එපා ! මම ඒක කවදාවත් බලාපොරොත්තු වුණේ නෑ. හොඳ විදිහට හිතුවොතින් ඒක ඇත්තටම විශ්වාස කරන්නත් බෑ. සිනාසුණු මිත්‍යා දෙපයින් සිට දරාගන්නට අපහසු සතුට, අත්පුටුවකට බර දී මැඩ පවත්වා ගත්තේය.
''ඒක විශ්වාස කරන්නත් බැහැ ! ඔයාලට හිතාගන්නත් බැහැ ! මේ බලන්න !''
ඔහුගේ සොහොයුරිය ඇය වටා වූ පුළුන් වලින් පුරවන ලද පොරොවනය පැත්තකට විසිකර, සිය සහෝදරයා ළඟට පැමිණියාය. පාසැල් යන සහෝදරයින් ද අවදි වූවෝය.
''මොකද්ද ප්‍රශ්නෙ ? ඔයා, ඔයා වගේ නෙමෙයි !''
''ඒ මම ගොඩක් සන්තෝසෙන් ඉන්න නිසයි. අම්මෙ ! ඔයාලා දන්නවද.. දැන් මුළු රුසියාවම මාව දන්නවා ! මුළු රුසියාවම ! දැන් වෙනකල් ඔයාලා විතරයි දැනගෙන හිටියෙ 'දිමිත්‍රි කුල්ඩරොව්' කියන රජයේ ලිපිකරුවා ගැන. ඒත් දැන් මුළු රුසියාවම මාව දන්නවා ! අම්මේ ! අනේ දෙයියනේ !''
මිත්‍යා උඩ පැන්නේය, ඒ කාමරයෙන් මේ කාමරයට දිව්වේය. ඊටපසු නැවතත් ඉඳගත්තේය.
''ඇයි ? මොකද්ද වුණේ ? අපිටත් තේරෙන්න කියන්නකො !''
''ඔයාලා ජීවත් වෙන්නෙ කැලෑවෙ සත්තු වගේ. කිසිම පත්තරයක් කියවන්නෙ නෑ. ඒවයෙ පලවෙන කිසිම දෙයක් ගැන සැලකිල්ලක් නෑ. ගොඩක් රසවත් දේවල් පත්තරවල පලවෙනවා. මොනවහරි දෙයක් වුණොත්, හැමෝම ඒක එක වර දැනගන්නවා. කිසිම දෙයක් සැඟවිලා නැහැ. මම කොච්චර සන්තෝසෙන්ද ! අනේ දෙයියනේ ! ඔයාලා දන්නවද ප්‍රසිද්ධ මිනිස්සුන්ගෙ නම් විතරයි පත්තරවල පලවෙන්නෙ. දැන් එයාලා මගේ නමත් පල කරලා !''
''මොනාද ඔයා කියන්නෙ ? කොහෙද ?''
පියාගේ මුහුණ පුදුමයෙන් පිරුණේය. දීප්තිමත් දෑසින් ශුද්ධ පින්තූරය දෙස බැලු මව කුරුසියේ ලකුණ අඳින්නට වූවාය. ඇඳෙන් පැනගත් පාසැල් යන සහෝදරයින්, ඇඳන් සිටි රාත්‍රි ඇඳුම පිටින්ම සිය සහෝදරයා ළඟට පැමිණියෝය.
''ඔව් ! මගේ නම පලවෙලා ! දැන් මුළු රුසියාවම මං ගැන දන්නවා. මතක සටහනක් විදිහට පත්තරේ තියාගන්න අම්මා ! අපි මේක ඉඳල හිටලා කියවමු! බලන්න !''
පුවත් පතක පිටපතක් සාක්කුවෙන් එළියට ගත් මිත්‍යා, එය සිය පියාගේ අතට දී, නිල් පාටින් ලකුණුකොට ඇති කොටස පෙන්නුවේය. ''මෙතැන කියවන්න ! ''.. පියා ඔහුගේ කණ්ණාඩිකුට්ටම පැළඳ ගත්තේය.
''ඉතින් කියවන්න !''
ශුද්ධ පින්තූරය දෙස නැවතත් දීප්තිමත් දෑසින් බැලු මව, කුරුසියේ ලකුණ අඳින්නට වූවාය. උගුර පාදගත් පියා එය කියවන්නට වූවේය.
''දෙසැම්බර් විසිනමය පස්වරු හතට රජයේ ලිපිකරුවකුවන දිමිත්‍රි කුල්ඩරොව්.......''
''ඔය දැක්කද ! දැක්කද ! දිගටම කියවන්න !''
'' ....... දිමිත්‍රි කුල්ඩරොව්, ලිට්ල් බ්රෝනයියා හි, කොසිහිනිස් ගොඩනැගිල්ලේ බීර වෙළඳසැලක සිට වෙරි මතින් පැමිණෙමින් සිටිද්දි.....''
''ඒ මමයි 'සෙම්යොන් පෙට්‍රොවිච්'චුයි.... ඔක්කොම හරියට විස්තර කරලා තියෙනවා. දිගටම කියවන්න ! අහන්න !''
..... පැමිණෙමින් සිටිද්දි ලිස්සා ගොස්, 'ඉවාන් ද්රෝතෝව්' නම් යුහ්නෝෆ්ස්කයි දිස්ත්‍රික්කයේ, ඩුරිකිනෝ නම් ගම්මානයේ සිට පැමිණි පිටිසර වැසියෙකුගේ හිමයානයේ අශ්වයා යටට වැටී ඇත. තැතිගත් අශ්වයා හිමයානය තුළ සිටි මොස්කව් වෙළෙන්දකු වන ව්‍යාපාරික සංගමයේ දෙවැන්නා වූ 'ස්ටෙෆාන් ලුකෝව්' ඒ තුළ සිටිද්දි, 'කුල්ඩරෝෆ්' වද පාගාගෙන ඔහුගේ ඇඟට උඩින් හිමයානය ඇදගෙන ගොස් තිබූ අතර, කලබල වී දිවූ අශ්වයාව නවතා ඇත්තේ, ඒ අවට නිවෙස් වල කුලීකරුවන්ය. ඔවුන් සිහිසුන්ව සිටි 'කුල්ඩරෝව්' පොලීසියට රැගෙන ගොස් බාර දී ඇති අතර එහිදී ඔහුව වෛද්‍ය පරීක්ෂණයට ලක් කොට ඇත. 'කුල්ඩරෝව්' ගේ හිසට එල්ල වී ඇති පහර.............''
''ඒ කරත්තෙ යකඩෙකින් තාත්තෙ.... කියවන්න ! ඉතුරු ටිකත් කියවන්න ! ''
''...... එල්ල වී ඇති පහර දරුණු ලෙස සිදු වී නැති බවට වාර්තා විය. අනතුරට ලක් වූ ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඇත.''
''එයාලා මට කීවා මගෙ ඔළුව පිටිපස්ස සීතල වතුරෙන් තවන්න කියලා. ඔයාලා දැන් ඒක කියෙව්වනෙ. ඉතින් ! දැක්කනෙ. දැන් ඒ විස්තරය මුළු රුසියාවෙම පැතිරිලා. කෝ ඕක මෙහෙට දෙන්න !''
පත්තරය බලෙන් ඇදගත් මිත්‍යා එය නමා ඔහුගේ සාක්කුවෙ දමා ගත්තේය. ''මම දුවලා ගිහින් 'මකරොව්ස්' ට මේක පෙන්නන්නම්.... 'ඉවානිත්ස්කයිස්' ට පෙන්නන්නනත් ඕනෑ.... 'නතාස්යා ඉවානොව්නා', එතකොට 'වස්සිලිට්ච්'.... මම දුවලා යන්නම්''
තොප්පි මල සමග තොප්පිය දමාගත් මිත්‍යා, ජයෙන් පිනාගිය ප්‍රීතියෙන් වීථීය කරා දිව්වේය.
["Anton Chekov | ඇන්ටන් චෙකෝෆ්" ගේ "Joy" කෙටි කතාවේ පරිවර්තනයකි. පිංතූරය - 1883 චෙකොෆ්ගේ රුව ඇසුරින් අඳින ලද්දකි.]
පරිවර්තනය : මුතු පබා
(සියත - 2010.02.28)

April 18, 2010 at 5:08 PM
නියමයි..
මම මේක කොහේදී හරි කියෙව්වා නේ..
ඔයා බූන්දියේ කලින් දාපු එකක් නේද මේ???
April 18, 2010 at 5:28 PM
නියමයි... සතුට කියන්නෙ පුදුමාකාර දෙයක්...
April 18, 2010 at 7:09 PM
ඔව් පිස්සා.. ඔයාගෙ මතකය හරි :).. මේ කතාව පරිවර්තනය කරපු දවස්වලම, ඒක බූන්දියේ ගියා.
Wath ඔයාට ස්තූතියි ! :)
April 19, 2010 at 5:53 AM
ලස්සන කතාවක්.. මේ තුල යම් උපහාසයක්ද ගැබ්වෙලා තියෙනව..
ස්තූතියි වැඩේට..
April 19, 2010 at 6:32 AM
හරිම ලස්සනයි,
සි.එස් බණ්ඩරනයක
April 19, 2010 at 7:47 PM
Outsider, බණ්ඩාර.. ඔය දෙන්නටම ස්තූතියි ! :)