අව්වයි වැස්සයි පිරිමි වගේමයි




















ටික වුණත් හිමත් වැටුණා
අයිස්කැට එ් අස්සෙන්.
නරියෙක්ගෙ මඟුලක් 
කොහේවත් තියෙනවද මන්ද,
එ් පාර ඔන්න වැස්ස-
අව්වත් කොහොම කොහොම හරි
ගස් අස්සෙන් හොම්බම ඔබනවා.

අනේ මන්දා.... ඉතින්
පිරිමි වගේමයි,
යුරෝපයේ මේ දේශගුණය!
.
.
.
.
.
.
.
.
(සැ.යු. -  සමහරක් ඔහොම ගෑණුත් ඉන්නවා ඈ..  )

2017.01.17

0 Response to "අව්වයි වැස්සයි පිරිමි වගේමයි"

Post a Comment

Show Emoticons