විස්මයක් වස්සානයේ


දරා ගන්නට බැරිව 
වළාකුළු පොදි ගැසේ 
සැලි සැලී ඉනු බැරිව 
මල් කිනිති බිම වැටේ 

හිස් තැනක් පුරවන්න 
විහඟ ගීයක් ඇසේ 
මිහිදුම් සළුතිරක් 
මල් යායේ ඇදේ 

නිඬ බව දැන දැනත් 
මදනළක් සක්මනේ 
ඉපදෙන්න වෑයමකි 
විස්මයක් වස්සානයේ


2017.01.10

0 Response to "විස්මයක් වස්සානයේ"

Post a Comment

Show Emoticons