තටුලද ස්වප්නය



වළදාපු ස්වප්නයකට
තටු ඇවිත්
හදකුටියෙ පියාඹයි
ඒ අතට මේ අතට
දෙනෙත මුලාකර
රැගෙන යන්නට තැත් දරයි
මීදුම් හදමඩල
භයංකර ආදර නිම්නයට

පහන් කරවමි හදවත අවදියෙන්
දෙනෙත කවුළුව නොපියවා
සෙනෙහසක් නොලදුවත් සැපකි
කරුණාවක තෙතක් නැති
මායා ස්වප්නයකින්
තරු දෙනෙත
ලුණු දියෙන් නොපුරවා


මුතු පබා
2007.02.11

7 Response to "තටුලද ස්වප්නය"

  1. nuwan Says:
    November 5, 2012 at 7:59 PM

    hmmm... adahasa lassanai akka. sahenna wela giya wataha ganna nam... :D ;)

  2. Muthu Paba says:
    November 5, 2012 at 9:59 PM

    hehe.. Wela gihin hari watahuna nam echcharayi.. ;)

  3. තිසර says:
    November 9, 2012 at 5:35 AM

    වලදාපු ස්වප්න වලට තටු ලැබෙන එක හරිම භයානකයි තමයි. කිව්ව වගේ රෑ ඇහැරගෙන ඉඳලා හරි තටු කඩලා දාන්න ඕනේ...

    අගෙයි කවිය... ඔන්න ආයෙත් එන්න ලකුණු කලා.

  4. Muthu Paba says:
    November 9, 2012 at 11:13 PM

    ස්තූතියි! තිසර.. :)

  5. Maduka Jayalath says:
    November 10, 2012 at 5:30 PM

    හත්ඉලව්වයි... තටු ආවනම් පියාඹල බලන්නම වෙනවා... භයංකාර මිටියාවතේ උනත් සොඳුරු සකුරා මල් පිපී තියේවි මේ සීත ඍතුවේ... මුහුදට හත්ගව්වක් තියද්දී අඹුඩ ගන්න එපා කියලනේ අපේ පැරැන්නෝ කිව්වේ, හැබැයි පුතෝ පරිස්සමින්... (ගොන් කොමෙන්ට් එකට ගැත්තාට සමාව)

  6. WildRose/SnowDrop says:
    November 10, 2012 at 5:46 PM

    Another meaningful poem from you sis...Excellent!

  7. Muthu Paba says:
    November 10, 2012 at 8:24 PM

    Rapa ayiya - තටු ලැබුණ පලියට පියාඹන්න නරකයි.. විශේෂයෙන් වළදාපු සිහින වලට තටු ලැබෙන එක නම් බොහොම භයානකයි..

    Rose sis - Thank You! Darling sis.. :)

Post a Comment

Show Emoticons