හොඳින් බැලුවොතින් පෙනෙන තරු

Image and video hosting by TinyPic

එකවරක් බැලූ පමණින්ම නොපෙනෙන
සිඟිති තාරකා කොතරම්
රෑඹරේ දිලෙනවාද?

තිමිර සළුව ඉරාගෙන එබෙන
සඳළිය තරම් නොවුණත්
දිලි දිලී නිවෙමින්
ඒ තරු මවන රටාවන්
සඳ තරම්ම ලස්සන නැද්ද?

සඳ පැහැදිලිය
බැලූ පමණින්ම දිස්වේ
ලස්සනද උපරිමය

ඒත්,
සඳ දිහා නොව
හොඳින් බැලුවොතින් පමණක් පෙනෙන
පුංචිම පුංචි ඒ තරු දෙස බලා
සැනසෙන හිත් කොච්චරක් නම් ඇතිද?

පුදුමය නම්
ඒ සිඟිති තරු පිපෙන්නෙත්
ඝන කළුවර අහසෙ වීමයි.


මුතු පබා
2012.08.06

13 Response to "හොඳින් බැලුවොතින් පෙනෙන තරු"

  1. තිස්ස දොඩන්ගොඩ says:
    August 7, 2012 at 5:03 PM

    "තරුමල් පලගත් අහස බලා හිඳ..." කියන්න තමා හිතෙන්නේ ආයෙමත් :-)

    [ඔන්න සින්දුව සොයාගත්ත - හෙටානිද්ද බ්ලොග් එකේ දාන්නම්]

  2. Eranga Perera (Muthu Paba) says:
    August 7, 2012 at 5:15 PM

    අනේ අම්මේ, මෙන්න තිස්සයියට අපිව මතක් වෙලා :).. දාන්න දාන්න අයියෙ.. ඔයාගේ බ්ලොග් එකට කාලෙකින් යමක් වැටිල නෑ..

  3. nuwan Says:
    August 7, 2012 at 10:35 PM

    Sadha ahasata awama tharu sidurak nane akka...

  4. Eranga Perera (Muthu Paba) says:
    August 7, 2012 at 10:45 PM

    තරු නෑ?

  5. Nishan de siva says:
    August 8, 2012 at 1:35 PM

    :)

  6. nuwan Says:
    August 8, 2012 at 5:54 PM

    sadha ahasata nagunama tharu wala eliyak penne pennenathi ganaine akka...

  7. Eranga Perera (Muthu Paba) says:
    August 8, 2012 at 6:23 PM

    Malli.. Kaviye nama kiyewuwada oya? :)

  8. Anonymous Says:
    August 8, 2012 at 10:38 PM

    ලස්සනයි! :)

  9. Eranga Perera (Muthu Paba) says:
    August 9, 2012 at 12:00 AM

    Thx! Hiru :)

  10. nuwan Says:
    August 9, 2012 at 5:16 PM

    :( ohoma namak thibbe na neda kalin oya wenas karala... :(

  11. Eranga Perera (Muthu Paba) says:
    August 9, 2012 at 11:51 PM

    hehe owu owu.. mata wena wadak nane, comments kiyawala nam maaru kara kara inna... Matz :D :P

  12. WildRose/SnowDrop says:
    August 12, 2012 at 2:39 PM

    A lovely post as usually dear...keep up your good work :HUG

  13. Eranga Perera (Muthu Paba) says:
    August 12, 2012 at 2:47 PM

    Thank You! Sis.. :HUG

Post a Comment

Show Emoticons