නිදනා මා පුතු පැටියා
රැහැයියනේ ෂ් ෂ්
සද්ද එපා පුතු නිදනවා
කවඩි සිනා පුංචි මුවේ
පිරීල ඉතිරී යනවා
කඩුපුල් මලෙ බලාගෙනයි
පෙති ඇරෙද්දි පුතු ඇහැරෙයි
අතඟැලි ටික මිටි මොළවා
මගේ පුතා දොයියනවා
කිරි සුවඳට ඉව වැටිලා
කුමුදු මලුත් නැළවෙනවා
අම්බිලියා හා එක්වෙලා
මගේ පුතුගෙ රුව කියනවා
සුරංගනාවියෝ ඇවිදින්
මගේ පුතුව හිනස්සනවා
හීනෙන් හිනැහෙන මා පුතු
අම්මට තව තුරුළු වෙනවා
මුතු පබා
2006.09.22
June 15, 2011 at 10:21 AM
මේ දිවිය හරි ලක්ශනයි නොවැ
June 15, 2011 at 11:54 PM
එහෙමද..
June 16, 2011 at 9:22 AM
අරුතක් දෙන්නට හැකිද..අම්මාගේ ආදරයට.
ලස්සනයි..මුතු..පද වැල.
June 16, 2011 at 5:26 PM
ස්තූතියි..! නිල් අහස :)