සිහින කුමරුට



පිණිබිඳුවක් වුණොතින් මට දෙනවද අවසර
ඔබෙ සෙනෙහේ මල්පෙති මත රටා මවන්නට
ඉන්නා තැනකින් කුමරුනි එනවද හනිකට
පිණිබිඳුවට ඉන්නට බෑ ඔබ නැති මේ ලොව

පවනැල්ලක් වුණොතින් මට දෙනවද අවසර
ඔබෙ දාහය නිවාලන්න මුදුව හමන්නට
ඉන්නා තැනකින් කුමරුනි එනවද හනිකට
පවනැල්ලට ඉන්නට බෑ ඔබ නැති මේ ලොව

දේදුන්නක් වුණොතින් මට දෙනවද අවසර
ඔබෙ සෙනෙහේ හද අරණට වසන්තය ගෙනෙන්න
ඉන්නා තැනකින් කුමරුනි එනවද හනිකට
දේදුන්නට ඉවසිලි නෑ ඔබ ලොව පායන්න


මුතු පබා
2006

3 Response to "සිහින කුමරුට"

  1. Amila Chathuranga says:
    June 10, 2011 at 5:12 AM

    මට පිහාටුවක් එවන්න
    ඒකෙ නැගල ඇවිත් මේ නංගව බලල යන්න
    ආ මදි ඇඩ්‍රස් එකත් එවන්න නැත්තං කොමද හොයාගන්නෙ තැන

  2. - නිල් අහස - says:
    June 10, 2011 at 9:42 AM

    ආදරය තරම් බලාපොරෙත්තු දෙන... බලාපොරොත්තු වෙන... තවත් දෙයක් නෑ ..නේද.

    හරිම ආදරණීය පද වැලක්... මුතූ...

  3. Eranga Perera (Muthu Paba) says:
    June 15, 2011 at 3:03 AM

    Indi - එක පිහාටුවක් විතරක් ඇතිද..? :)

    නිල් අහස - ඔව්.. ඒක නම් එහෙම තමා.. ඒත් ඉතින් අනේ මන්දා..

Post a Comment

Show Emoticons