ආදරේ නම්..



ළඟට එන්න තවත් එන්න
මා දෑතින් අල්ල ගන්න
මා නෙතු දෙස බලාන දැන්
මට ආදරෙ ඇයි කියන්න

ළඟට එන්න තවත් එන්න
මා දෑතින් අල්ල ගන්න
නළලත හාදුවක් තියලා
මට ආදරෙ යැයි කියන්න

ළඟට එන්න තවත් එන්න
ඔය දෑතින් මා බදාගන්න
තුරුළු වෙලා ඔබේ සෙනේ
විඳගන්නට ඉඩක් දෙන්න

ළඟට එන්න තවත් එන්න
ඔය දෑතට මා ජීවෙ දෙන්න
සංසාරේ කෙදිනකවත්
එපා මාව තනි කරන්න


මුතු පබා
2007.05.16

10 Response to "ආදරේ නම්.."

  1. Unknown says:
    May 1, 2011 at 5:47 AM

    බලාපොරොත්තු ‍රැසක් ඇති ආදරයක්

  2. Eranga Perera (Muthu Paba) says:
    May 1, 2011 at 9:29 AM

    Hmm.. hmmmm.... :)

  3. යසියා says:
    May 2, 2011 at 7:19 PM

    ආදරය විදවනා කලද විදිනා කලද එක ලෙසට දැනෙනා ආදරය​..

  4. Nuwan Says:
    May 2, 2011 at 10:04 PM

    Hmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm... Lassanai Godak akke...

  5. Eranga Perera (Muthu Paba) says:
    May 2, 2011 at 10:18 PM

    යසියා - මගේ අදහස නම් ඊට වඩා වෙනස්.. ආදරය විඳවනකොට දැනෙන විදිහ සහ විඳිනකොට දැනෙන විදිහ, වෙනස් කියලයි මට නම් හිතෙන්නෙ..

    නුවන් මල්ලි - අම්මෝ මේ ළමයගෙ 'හ්ම්' එකේ දිග.. (හ්ම්.. ගාන්න ගිහින් හිර වුණේ එහෙම නෑනේ..?)

  6. Nuwan Says:
    May 3, 2011 at 9:05 PM

    Hm man hithanne ehema une na akke... :) ;) Hira unath moko akkage kawiya hithata danena nisane....... :)

  7. යසියා says:
    May 4, 2011 at 8:00 AM

    වින්දනය එකිනෙක වෙනස් වුනත් ඒ වින්දනය හිතට සනීපයි නේද ?

  8. - නිල් අහස - says:
    May 4, 2011 at 8:13 AM

    ඇත්තට ම..ආදරය ලස්සනයි.
    මේ පද පෙල වගේම.

  9. Eranga Perera (Muthu Paba) says:
    May 5, 2011 at 3:19 PM

    නුවන් මල්ලි - ඒ වුණාට මින් පස්සෙ නම් ඔහොම කවි රස විඳින්න යන්න එපා.. :P

    යසියා - ආදරය රස විඳිනකොට හිතට දැනෙන සතුට සැනසුම සුව සනීපය, ආදරය නිසා හිත වේදනාවෙන් දැවෙනකොටත් එලෙසින්ම දැනෙනවා කියලා, කොහොම නම් කියන්නද?

    නිල් අහස - ඔව්.. ආදරය ලස්සනයි.. ආදරයට ආදරයම ලැබෙනවනම්.. ආදරය තවත් ලස්සනයි.. :)

  10. යසියා says:
    May 5, 2011 at 5:10 PM

    එසෙ නොවිනත් යම්කිසි ආකරයක් වින්දනයක් තියෙනවා.. මම අත් ඩැකලා තියෙනවා...

Post a Comment

Show Emoticons