තරුමල් හාදුව



සෙංකඩගල අහස දිහා බලාගෙන ඉන්න ආසා හිතෙන තරමට තරුකැට ගොඩාරියක් පායලා. ඒ පුංචි තාරකා ගණන් කරන්න හදන පෙම් යුවලක් වගේ අදත් අපි උන්නෙ, මල් වලින් පිරුණ ඇහැළ ගහ යට තැනූ පුංචි බංකුවට බරවෙලා.

”එක හඳයි තරු ගොඩයි....” මං රහසින් වගේ මිමිණුවා.

”ඒ උනත් හඳ ආදරේ එක තරුවටයි....” කියලා, එයත් නොපමාවම උත්තර දුන්නා.

මං ඉතින් එයාගෙ උත්තරේ දන්න නිසා ඒ මොන තරුවද කියල අහන්නෙ නැතිව..

 ”හොඳයි කියන්න බලන්න පහන් තරුවද ලස්සන මම ද ?” කියලා.. එයාට තව තවත් ළංවෙන ගමන් ඇහුවා.

කවදාවත් නැති විදිහට මං දිහායි, පහන් තරුව පායන්න හිතලවත් නැති තරු පිරුණ රෑ අහස දිහායි, මාරුවෙන් මාරුවට බලපු එයා..

”හ්ම්.. හ්..ම්.... ඔයා නම් නෙමෙයි” කියලා අමුතුම විදිහකට කීවා.

ඒ වචන ඇහිලා හිතේ ඇති වුණ දුක ඇස් දෙකට කියලා, ඇස් වලින් කඳුළු උතුරන්නට කළින් මං එතැනින් එන්න ආවා.

අඩි දෙක තුනක්වත් ඉදිරියට යන්න නොදී එයත් ඉක්මණට ඇවිදින් මාව බදාගෙන තුරුළු කරගත්තා. ඊටපස්සෙ එයාගෙ දෝතින්ම මගේ මූණ ඒ මූණ පැත්තට හරවගෙන....

”ඔයා නම් නෙමෙයි කියල කීවෙ, ඔයාට වඩා පහන් තරුව ලස්සන නිසා නෙමෙයි මැණික... පහන් තරුවටත් වඩා මේ ඇස් දෙක ලස්සන නිසා.... මේ මූණ මේ තරම් හැඩවෙලා තියෙන්නෙ මේ ලස්සන ඇස් දෙක නිසා..... කෝ ඉතින් මගේ කෙල්ල මට මේ ටික කියල ඉවර කරන්න දුන්නෙ නෑනේ” කියල, පුංචි තරුමල් හාදු දෙකක් කඳුළින් බොඳවුණ මගේ ඇස් දෙපියන මත තිබ්බා.

හඳහාමි ගස් අතු ඉති අතරින් හැංඟිලා ඒ හාදු රසවිඳී කියලද දන්නෙ නෑ, කොහෙන්දෝ ආව පුළුන් වළාකුලක් හඳහාමිව වසාගත්තා.


මුතු පබා
2006.10

5 Response to "තරුමල් හාදුව"

  1. Anonymous Says:
    April 17, 2011 at 10:15 PM

    ලස්සනයි..අද තමා ඔයාගේ බ්ලොග් එකට ගොඩ වැදුනේ.... ලියන්න ඉතින් දිගටම ...

  2. Dinesh says:
    April 17, 2011 at 10:23 PM

    ලස්සන හැගීම් පෙලක්..

  3. Anonymous Says:
    April 18, 2011 at 4:33 PM

    Romantic Sinduwa wagay

  4. WildRose/SnowDrop says:
    April 18, 2011 at 6:13 PM

    Aha ahaa lassana kathawak..tawa liyanan dear

  5. Eranga Perera (Muthu Paba) says:
    April 18, 2011 at 6:57 PM

    නිම්ශා - හා ලියන්නම්කෝ.. ස්තූතියි! මගේ අඩවියට ගොඩ වැදුනට.. :)

    දිනේශ් - බොහොම ස්තූතියි! මිතුර..

    Anonymous (= Robert Daniel = Tin Tinz :P)- hehe lol :D.. ඇද්ද.. මම දන්නවනේ මේ ඔයා කියලා ;).. btw මොකද්ද ඔය කියන Romantic සිංදුව ආ..?

    Rose Dear - බෙහොත් තුති! sis.. :)

Post a Comment

Show Emoticons