සුපෙම් ප‍්‍රාර්ථනාව



මොහොතකටවත් නොපිබිදෙන
කවි සිතක බර දරාගෙන
තනිකම සුවඳ ළඟ
මම තවම නුඹ හොයනවා

ජීවිතේ සුමිහිරිම ගීතය
තවත් දුර දෝ සිතෙනවා

අගුළු ලෑ හිතක ගින්දර
ඉවුරු බිඳගෙන ගලායන විට
සුපෙම් සිහිනෙක පැතුම් දේදුනු
නොපායයිදෝ සිතෙනවා

ජීවිතේ මුදු සුමුදු ගීතය
තවත් දුර දෝ සිතෙනවා

කඳුළු විල මැද තවම මුකුලිත
නුවූ සෙනේ සියපත පියුම
මේකුළට වැහි සහස්රැස් හට
ඉත සිතින් තනි රකිනවා

ජීවිතේ අපෙ සිනහ සිහිනය
තවත් දුර දෝ සිතෙනවා

ගිගුම් දෙන සැඩ සුළඟ මැද වුව
හදේ ගැඹුරුම පතුලට නිතින
තනි රැකූ රතු රෝස සුවඳක්
හදින් හදකට යවනවා

සුපෙම් සඳවත නුඹට මම
ස්නේහයෙන් පැතුමක් පතනවා


මුතු පබා
2011.03.23

7 Response to "සුපෙම් ප‍්‍රාර්ථනාව"

  1. සුදර්ශන බංඩාර හේරත් says:
    March 24, 2011 at 4:20 AM

    එල..

  2. Dinesh says:
    March 24, 2011 at 12:22 PM

    ලස්සනයි......

  3. Eranga Perera (Muthu Paba) says:
    March 24, 2011 at 6:34 PM

    සුදර්ශන, දිනේෂ්.. ස්තූතියි! ඔය දෙන්නටම.. :)

  4. තිස්ස says:
    March 24, 2011 at 7:03 PM

    අනායාසයෙන් කියැවෙන අපූරු කවක්...
    ලස්සනයි හැබෑටම...

  5. Eranga Perera (Muthu Paba) says:
    March 24, 2011 at 8:05 PM

    තිස්ස.. ගොඩක් කාලෙකින් මේ පැත්තෙ.. අපූරු කවියට දුන් අපූරු ප‍්‍රතිචාරයට තුති..

  6. WildRose/SnowDrop says:
    March 28, 2011 at 7:13 AM

    Attamai harima lassana kaviyak sis. Thawa liyanna..

  7. Eranga Perera (Muthu Paba) says:
    March 28, 2011 at 3:44 PM

    Tx.. sis :)

Post a Comment

Show Emoticons