කියාදෙන්න අම්මේ මට



කියාදෙන්න කියාදෙන්න අම්මෙ අම්මෙ මට
ටක්ගාලා ලොකු වෙන්නට කොච්චර කල් යයිද
අම්ම වගේ සාරි ඇඳල පාසල් යන්නට
කියාදෙන්න අනෙ අම්මේ හනිකට ලොකු වෙන්න

කියාදෙන්න කියාදෙන්න අම්මෙ අම්මෙ මට
පුංචි ළමයි ලොකු වෙන්නට කොචිචරකල් යයිද
අම්ම වගේ ළමුනට නැටුම් කියලා දෙන්න
අනෙ අම්මේ මට ඕනෑ විගහට ලොකු වෙන්න

කියාදෙන්න කියාදෙන්න අම්මෙ අම්මෙ මට
ටක්ගාලා මාවත් ලොකු වෙයිද කියා ලොව
අම්ම වගේ තාලෙට බෙර පදේ ගහන්න
අනෙ අම්මේ කියාදෙන්න හනිකට ලොකු වෙන්න

කියාදෙන්න කියාදෙන්න අම්මෙ අම්මෙ මට
ලොකු වෙන්නට මම මොනවා කියල කරන්නද
අම්ම වගේ දක්ෂ නැටුම් ගුරුවරියක් වෙන්න
හරි ආසයි මට අම්මේ විගහට ලොකු වෙන්න


මුතු පබා
2006

4 Response to "කියාදෙන්න අම්මේ මට"

  1. ``` Outsider``` says:
    March 17, 2011 at 9:43 AM

    ලොකු වුණාම තේරෙයි ඒකෙ අමාරුව අපිට වගේ..

    අපූරුයි පබැඳුම...

  2. Eranga Perera (Muthu Paba) says:
    March 17, 2011 at 5:38 PM

    :D ඔව්, ඒක ඇත්ත..

  3. WildRose/SnowDrop says:
    March 18, 2011 at 5:42 AM

    lassana kaviyak sis...keep up your good work! My Best Wishes to you!

  4. Eranga Perera (Muthu Paba) says:
    March 18, 2011 at 10:36 AM

    Tx sis.. :)

Post a Comment

Show Emoticons