දුක්බර නත්තල



සීතලේ සුදු හිම කැටිති අතරින්
පා තබන විට මා තනිවෙමින්
සිත දවයි මා හඬන කඳුළින්
මා දමා නුඹ වෙනතක ගිහින්

උඳුවපේ ඇති අසිරි බල බල
එකට උන් පෙර නත්තලේ
මතකයන් හද මෝදු වෙන විට
සිත අහස මගෙ බොඳ උනේ

තනි උනත් මා විරහ කඳුළින්
ගෙවෙන මේ සුභ නත්තලේ
මා දමා නුඹ සිනාසෙන් සඳ
අහිතක් නෑ මගෙ සිත් ගැබේ


මුතු පබා
2005.12.22

4 Response to "දුක්බර නත්තල"

  1. සෝරෝ says:
    December 30, 2010 at 5:29 AM

    ලස්සනයි..............!!

  2. Eranga Perera (Muthu Paba) says:
    December 30, 2010 at 5:56 PM

    ස්තූතියි! සෝරෝ :)

  3. Nuwan Says:
    December 30, 2010 at 8:09 PM

    Lassana kawiyak... :)

  4. Eranga Perera (Muthu Paba) says:
    December 30, 2010 at 8:58 PM

    Tx Malli.. :)

Post a Comment

Show Emoticons