කැලෑ මලක ගීතය



වනපෙතක නිදැල්ලේ පිය නගන විට
නීල තුරුපත් අතරින් මතු වුණ
කැලෑ මලක ගීතයක්,
මගේ දෙසවන වැකුණි

"නිහඬ නිසසල රාත්‍රියේ
මම මිහිකත මත සැතපුණෙමි
තැතිගැන්මෙන් මා කෙඳිරුවද,
මහත් සොම්නසකින් පෙළුනෙමි

පිරුණු බලාපොරොත්තු සහිතව
උදෑසනින්ම මම පිටවුණෙමි
සොයන්නට නැවුම් සතුටක්;
ඒත් අනේ! ලැබුණේ අවමානයකි"


[විලියම් බ්ලේක් | William Blake ගේ "The Wildflower's Song" කවියේ පරිවර්තනය.]

පරිවර්තනය: මුතු පබා


3 Response to "කැලෑ මලක ගීතය"

  1. charmi says:
    December 1, 2010 at 3:08 AM

    අවමානය පිලිබඳව වුව,
    එය ගීතයකි.
    එහෙයින්ම ඇය සුවිශේෂී වන්නීය.
    තවදුරටත් එහි අවමානයක් නොවේ.

    (ස්තුතියි මේක බෙදාගත්තාට)

  2. තක්ෂිල says:
    December 1, 2010 at 10:27 AM

    nice and max-a

  3. Eranga Perera (Muthu Paba) says:
    December 1, 2010 at 5:52 PM

    Charmi, තක්ෂිල.. Thank you ! :)

Post a Comment

Show Emoticons