දෙහදක රිද්මය

නිමිත්ත : නොහඬන් සූරියකාන්තා ආදර අන්ඳරයේ කමලාදේවි, ඇගේ පෙම්වතා ක්ලෝඩ් සමග පලායන්නට පැමිණි අවස්තාව....
ඇස් වලින් පමණක්
දොඩන්නට අවසරය ඇති
ආදරය විතරක්ම ගෙන
ඉතින් අපි පලායමු
අපේ කැදැල්ලට
ගම්මුන්ට හොරෙන්
මා කුසේ නිදියනා
නුඹේ ලේ කැටියා ගෙන
කොහේ හෝ ඈතකට
දැන් ඉතින් මාව ගිනියන්න
කාටවත් කවමදාවත්
අපිව හොයාගත නොහැකි
දුරම දුර ඈතකට
හිරුද ඇහැරෙන්නට පෙරව
සුළඟේ තාලයට නැලවෙන
නේක මල් මිසක
කුරුළු කිරිලියන්ගේ
විහඟ ගී මිසක
නපුරු වූ අන් කිසිත් නැති
අපිටම වෙන්වූ අපේම දේශයකට
පලායමු දැන් හනික
නපුරු වූ ගම් දනව්වෙන් පිටව
ගලායන අප සොඳුරු පේ‍්‍රමයේ
ආදරණීය හද රිද්මයට,
නිදහසේ කන් දෙන්න
සෙනෙහසින් උතුරා යන
අප පේ‍්‍රම අන්ඳරය
ආදරෙන් බෙදාගන්නට
නූපන් දියණියද සමග
පැමිණි මා රැගෙන
දැන් ඉතින් පිටවෙන්න
මං ඔබට ආදරෙයි ක්ලෝඩ්....
අදින් පසු මගේ මුළු විජිතයම
ඔබට බාරයි....
මුතු පබා
2007
May 22, 2010 at 6:37 AM
කතාව නම් කියවල නෑ. ඒත් අදහසක් ගත්ත ඔයාගෙ කවි වලින්. නියමයි..
May 23, 2010 at 12:24 PM
පුළුවන්නම් ඒ කතාව හොයාගෙන කියවන්න. ඒක හරිම ලස්සනයි :) ..ඒ වගේම දුකයි :(
May 27, 2010 at 11:01 PM
'නොහඬන් සූරියකාන්තා ආදර අන්ඳරය' කියන එක ඇහුවෙත් අදයි මුතූ..
නම් වල හැටියට නම්, ලංකාවේ කතාවක් නෙමෙයි වගේ, මට නම් දැනෙන්නේ...
June 10, 2010 at 8:37 PM
නොහඬන් සූරියකාන්තා 'උපාලි වනිගසූරිය'ගෙ කතාවක් පිස්සා. පුළුවන්නම් හොයාගෙන කියවන්න. :)