හිමි හිමින් නුඹ



වෙන්ව යනයුරු මගෙන් දුරට නුඹ
හිමි හිමින් දැනුණා
ජීවිතේ රස මීදුමක් සේ දිගන්තෙට ඇදුණා

නෙතග තනියට කඳුළු පොකුරක්
හැම ඉසිඹුවක රැඳුණා
සෝ සුසුම් වැල් සිහින් සර නැගුවා
සිහින සිතුවිලි දෑස අබියස ඇඳී මියැදී ගියා

හදබිතු පාරා උපන් වියෝ ගී
අතැඟිලි සසලව ගොනුවෙනවා
පහන් එළිය මගෙ දුරෑත බැබලෙනවා
සහන් එළියෙන් කව්දෝ සැනසෙනවා

හිමි හිමින් නුඹ මගෙන් ඈතට ඇදුණා
ජීවිතේ රස මීදුමක් සේ දිගන්තෙට ඇදුණා


මුතු පබා
2008.12.14

3 Response to "හිමි හිමින් නුඹ"

  1. Anonymous Says:
    May 14, 2010 at 10:39 PM

    ලස්සනයි..
    ඒවුනාට, හැම තැනම විරහා ගීත නේ..
    ජීවිතේට, පොඩි කික් එකක් දෙන ඒවා ලියන්නකෝ මුතු...

  2. Amila Chathuranga says:
    May 15, 2010 at 4:37 AM

    බොහෝ දුර ගියත් චූටි තරුවක් වගෙ මග පෙන්වන නුඹෙ සෙනෑහස දිවියට ආලෝකය දෙන්න තරම් ප්‍රමාණවත් නොවුනේ කිම...???

  3. Prasanna says:
    March 14, 2011 at 8:17 PM

    සිහින සිතුවිලි දෑස අබියස ඇඳී මියැදී ගියා .... let me repeat the above comment හැම තැනම විරහා ගීත නේ.. :-) having said that, love your poems

Post a Comment

Show Emoticons