වසන්තය



පිඹිනු මැන නලාව !
දැන් ඉතින්....
පී‍්‍රති විය යුතු කාලයයි !
කුරුළු කිරිලියන්
දිවා රෑ, සොම්නසින් !
රෑ කොවුලෝ ද
මිටියාවතේ....
සින්දුවෙහි දක්ෂ
කුඩා විහඟුන්,
සොම්නසින් උනන්දුව
වසන්තය පිළිගනී....

ගෑණු පිරිමි පුංචි ළමෝ
උතුරායන සන්තෝසෙන් !
කුකුළෝ ද හඬලති.
ඔබත් හඬ නගයි !
බාල බිළිඳු මොළකැටි නද,
වසන්තය....
සන්තෝසෙන් පිළිගනී.

පුංචි බැටළුවෝ
දුව එන්න මා ළඟට
සිඹින්න මසුදු ගෙල.
ඉඩදෙන්න මට නුඹේ
සුදු ලොම පිරිමදින්න....
සිඹින්නට නුඹේ,
මුදු මුහුණ.
සොම්නසින් ඉපිල
වසන්තය පිළිගන්න....



"විලියම් බ්ලේක් | William Blake" ගේ "Spring" කවියේ අනුවර්තනය.

අනුවර්තනය: මුතු පබා

4 Response to "වසන්තය"

  1. Anonymous Says:
    March 29, 2010 at 3:25 PM

    අවැසිද මට
    වසන්තයක්ම??
    වාදනය කරන්නට
    මට, මගේ නළාව....

    සත්තකටම...
    හැකිය මට එය
    වාදනය කරන්නට
    නුඹට,
    අවැසි හැම විටෙම...

    සිසිරයේ,
    නවමු හිම කැටිති මත..
    සීතලෙන් ගැහෙමින් වුව..

    තෙතබරිතව
    මුරුගසන් වරුසාවේ
    ඇවිදිනා කල වුව..

    දාහයට වියැලී
    පැළුනු
    තොල් අතර වුව...

    දන්නවාද??

    හැමදාමත් වසන්තයක්ම
    නොවැ මට....
    නුඹ මා සමඟ
    සිටිනා තුරාවටම...

  2. Eranga Perera (Muthu Paba) says:
    March 29, 2010 at 3:59 PM

    අදින් පස්සෙ ඔන්න පිස්සට කියන්න බෑලු "මට කවි ලියන්න බෑ" කියලා.. ;)

  3. Anonymous Says:
    March 29, 2010 at 4:09 PM

    අයියෝ... මම මේ දෙවෙනි කමෙන්ට් එක ටයිප් කරන්න කලින් ඔයා කමෙන්ට් කරලා..
    එහෙම බෑ...

    මම කියන්න හැදුවේ, මම මට හිතෙන දේ ලිව්වා..
    ඔයා දැන් ඕක, හරි විදියට කවියක් හරි, නිසදැසක් හරි කරන්න කියලයි..
    හා,, දැන් ඔයා ඕක summarize කරන්නකෝ..

    ඔයාගේ කවියේ, නළාව කියපු ගමන්, මට මගේ හාමෝනිකාව & ජුලියට් මතක් උනා.. මම ඒක සති 3කට කලින් පොළවේ ගැහුවා. දැන් ඒකින් පිඹින්න බෑ.. ඔය මම ලිව්වේ, සෝක ප්‍රකාශයක්, කවියක් නෙමෙයි..

  4. Eranga Perera (Muthu Paba) says:
    April 1, 2010 at 12:42 AM

    පිස්සා ඔයාගෙ කවිය මේ තියෙන විදහ හොඳයි.. වෙනස් කරන්න ඕනේ නෑ :) ....

Post a Comment

Show Emoticons