ප්රිය ආදරී

අඬන් එපා ප්රියාදරී
කඳුළු බලා සමුගන් බැහැ
කඳුළු බලා සමුගන් බැහැ
අඬන් එපා ප්රියාදරී
එක සෙවණේ ආදර බස් තෙපලන්නට
මං ආසා නැතුවා නොව මගේ ලයාදරී
හිත කියනා ලෙස ඉන්නම්
යුද්ධය අද නැවතේ නම් මගේ පෙම්බරී
බංකර යට තට්ට තනිය මකාගන්න
නාඩා නුඹ හිනහෙන්නකෝ මගේ සුන්දරී
උතුරු කිරණ ගත දවද්දි, මහිත දැවෙයි
නුඹෙ කඳුළැලි මැවුනෝතින් මගේ අහිංසකී
මඩ වතුරෙන් පවස නිවන දවස් ඇතත්
හිතට දුකක් දැනේනෙ නැහැ මගේ කුමාරී
නුඹෙ නොමියෙන සෙනෙහෙ දයා
ශක්තිය වෙයි සැමදා මට, මගේ ප්රියාදරී
මුතු පබා
2006.12.23
March 2, 2010 at 10:45 PM
ම්ම්ම්.. මේවා මේ ඉස්සර ලියපුවා නේද?
ඒත්, මේ හමුදාවේ මිනිස්සු තාමත් ඔහොම වෙන්න ඇති..
මෙච්චර කාලයක් නම් රට වෙනුවෙන් කියලා ඔහොම රාජකාරි කොරා. දැන් මොනවා කියලා කරනවද දන්නේ නෑ..
March 3, 2010 at 5:16 AM
ඒක නම් මටත් ප්රශ්නයක් තමයි පිස්සෝ...
සංවේදි පද වැලක්...පබා
March 3, 2010 at 6:36 PM
රාජකාරියේ නම් වෙනසක් නැතුව ඇති පිස්සො.... වෙනසකට ඇත්තෙ බිහිසුණු යුද්ධය තිබුණ කාලේ, ශාරීරිකව, මානසිකව ලද තුවාල යම්තාක් දුරට හරි සුව වීම තමයි (මට හිතෙන විදිහට නම්)....
නිල් අහස, ස්තූතියි !.. :)
February 15, 2011 at 9:56 PM
Wow! tks for sharing dear