උත්සහවන්ත පුංචි කොළය
”මොකද්ද ප්‍රශ්නෙ පුංචි යාළුවේ ?”
”හුළඟ මට මේ දැන් කීවා, කවදහරි දවසක එයා මාව ගහෙන් වෙන්කරලා බිමට දානවා කියලා”.... පුංචි කොළය ගොඩක් දුකෙන් රිකිල්ලට උත්තර දුන්නා.
රිකිල්ල ඒ කතාව ඒ වෙලේම ගහේ අත්තකට කීවා. අත්ත ඒක මුළු ගහටම කීවා. ඒ කතාව ඇහුණ ගහ, සර සර හඬින් මුළු ගහම හොලවලා, පුංචි කොළයට මෙහෙම කීවා....
”බයවෙන්න එපා පුංචි කොළය. ඔයා ගහ හයියෙන් අල්ලගෙන ඉන්න. එතකොට ඔයාට මගෙන් වෙන් වෙන්න ඕනෑ වෙනකල්, කාටවත්ම බෑ ඔයාව බලෙන් වෙන් කරන්න.”
ඒ කතාව ඇහුණට පස්සෙ පුංචි කොළය, සුසුම් හෙළමින් ඇඬීම නතර කළා. ඒ වෙනුවට එයා තාමත් පිහාටු නොයිඳුනු, කැදැල්ලෙන් එළියට යන්නට බැරි කුරුළු පැටවුන්ට ලස්සනට සිංඳු කීවා.
සමහරක් වෙලාවට ගහ එයාගේ කොළ යාළුවෝ, අතු ඉති, රිකිලි එක්ක, එහාට මෙහාට තාලෙට හෙලවෙනකොට, පුංචි කොළයත් කවමදාවත් කාටවත්ම එයාව ගහෙන් වෙන් කරන්න බෑ කියල හිතාගෙන, ගොඩක් සන්තෝසෙන් එහාට මෙහාට නැලවි නැලවි තාලෙට නැටුම් නැටුවා.
ඉතින් ඔන්න ඔහොම පුංචි කොළය ඔක්තෝබර් මාසය වෙනකල්ම, කොළ පාටින් වැඩුණා.
ඒත් ටික දවසකට පස්සෙ හේමන්තයේ දීප්තිමත් දවස් උදා වුණාම, පුංචි කොළය දැක්කා එයාගෙ වට පිටාවෙ ඉන්න අනෙක් කොළ යාළුවෝ, ලස්සන ලස්සන පාටින් හැඩවෙලා ඉන්නවා. සමහරක් කොළ කහ පාටින්. සමහරක් කොළ තදම තද රතු පාටින්. තවත් සමහරක් කොළ ඒ පාට දෙකෙන්ම ලස්සන ඉරි වලින් හැඩවෙලා. ඉතින් පුංචි කොළය ගහෙන් මෙහෙම ඇහුවා....
” අනේ ! මටත් කියන්කෝ.... ඇයි මගේ ගොඩක් යාළුවෝ ලස්සන ලස්සන පාට ඇඳුම් ඇඳන් ඉන්නෙ කියලා”....
” ඒ කොළ ඔය ලෑස්ති වෙලා ඉන්නෙ පියාඹලා යන්නයි. ඒ සන්තෝසෙටයි එයාලා ඔය සැරසිලා ඉන්නෙ”.... කියල ගහ උත්තර දුන්නා.
ඒ කතාව ඇහුණ පුංචි කොළයටත් ඉක්මණින් පියාඹන්න ඕනෑ වුණා. ඒක නිසා පාට පාටින් හැඩවෙලා ඉන්න අනෙක් යාළුවෝ වගේම, පුංචි කොළයත් උත්සහ කරලා රත්තරං පාට ඇඳුමකින් සැරසුණා.
ඒත් එයාගෙ අතු ඉති යාළුවෝ අළු පාටින් ඉන්නවා දැක්කම පුදුම වෙලා මෙහෙම ඇහුවා....
”අනේ ! අතු ඉති.... ඔයාලා තවමත් අළු පාටින් ඉද්දි, ඇයි අපි විතරක් පාට ඇඳුම් වලින්? ”
”අපේ රාජකාරිය තවමත් ඉවර නැති නිසා, වැඩ කරන ඇඳුම ඇඳන් අපි ඉන්න ඕනෑ. ඒත් ඔයාලගේ රාජකාරිය ඉවරයි. ඒක නිසා නිවාඩුව ගතකරන්න පියාඹලා යන්නයි, ඔයාලා ඔය පාට පාට ඇඳුම් ඇඳන් ඉන්නෙ ”.... කියල අතු ඉති උත්තර දුන්නා.

එතකොටම බොහොම අමාරුවෙන් හති දාගෙන ආව හුළඟක්, පුංචි කොළයව ගහෙන් වෙන් කළා. ඊට පස්සෙ පුංචි කොළයට හිතන්නවත් ඉඩ නොතියා එයාව වාතයේ උඩටම අරගෙන, ගින්දර පොකුරක් වගේ දිස්වෙන්න ඒ පැත්තට මේ පැත්තට වේගයෙන් කරකවලා, වැට අද්දර තවත් කොළ යාළුවෝ නිදාගෙන ඉන්න බිමට හිමීට වැට්ටෙව්වා.
බිමට වැටුණ පුංචි කොළයට නින්ද ගිහින් හීනයක් පෙනෙන්න ගත්තා. ඒත් පුංචි කොළය එයාගේ රාජකාරිය ඉවර කරලා තිබුණ නිසා, දැක්ක හීනය මොකද්ද කියලා කියන්න ආයෙමත් ඇහැරුණේ නම් නෑ.
පරිවර්තනය : මුතු පබා
සිතුවම් : රුවන්මලී
කතන්දරය බූන්දිය හරහා කියවන්නට: උත්සහවන්ත පුංචි කොළය
March 11, 2010 at 1:20 AM
lassana kataawa.
:D
March 11, 2010 at 3:08 PM
ස්තූතියි ! බිඟුවා.. :)
March 12, 2010 at 2:47 PM
ලස්සනයි, සැඟවුනු අරුතක් තියෙනව වගේ...
March 13, 2010 at 12:15 AM
ස්තූතියි ! මාධව :)
March 16, 2010 at 9:32 PM
උත්සාහවන්ත උනත්, නැතත්, කොළේට බිමට වැටෙන්නම වෙනවා, කවදාකහරි..
මොකද්ද ඇත්තටම ඕකෙන්, ඔයාට කියන්න ඕනේ උනේ? පබා.
මැරෙන්න ඉස්සෙල්ලා ඔක්කොම යුතුකම් කරන්න කියලාද?
March 17, 2010 at 9:13 PM
ඉස්සෙල්ලාම කියන්න ඕනෙ, නිහඬව හිටපු පිස්සා ආයෙමත් දොඩමළු වුණාට සතුටුයි කියලා....
පිස්සගෙ ප්‍රශ්නෙට මට පිළිතුරක් දෙන්න අමාරුයි, මම මේ කතන්දරයට සම්මාදම් වෙන්නෙ පරිවර්තනයෙදි පමණක්ම නිසා.
ඒත් මට හිතෙන විදිහට.. කතන්දරය ගොතපු කෙනා මේකෙන් පාඩම් දෙකක් අපිට කියලා දෙනවා....
1. තමන්ගෙ කැමැත්ත ඇතුව තමයි (බෙහෝ වෙලාවට)දේවල් සිදුවෙන්නෙ....
2. උත්සහ කරොත් කරන්න බැරි දෙයක් නැහැයි කියන එක. පුංචි කොළයට උවමනා කරේ, අනෙක් කොළ යාළුවො වගේම ලස්සන ඇඳුමකින් සැරසිලා නිවාඩු ගත කරන්න යන්නයි.... ඉතින් ඒක එයා කොහොම හරි කරානෙ.... :)
March 17, 2010 at 9:31 PM
බීලා බීලාත් ඇති කියලා හිතුනා පබා.
මගේ අතෙත් වැරදි තියෙනවා නේ.. තාම හොදටම හිත හොද නෑ. ඒත් ඉතිං ඔයාගේ බ්ලොග් එකට නෑවිත් කොහොමද? ඒකයි ආවේ..
ඔයා කියන නිසා ඉතිං,කොළ ගැන ඕනේම දෙයක් මම පිලිගන්නම්.. හෙ හේ..
ඒත් ඕක විද්‍යාත්මකව නම් ඔහොම වෙන්නේ නෑ..
මොකද මම ඔය කොළ ගැන යන්තම් දන්නවා..
ඔයිට වැඩිය කියන එක හරි නෑ. ම්ම්ම්.. මම ඕවා ගැන තමා ඉගෙන ගන්නේ..
මම හිතුවේ නෑ මේ ලෝකේ, මට අමතරව කොළ ගැන අවධානයක් දක්වන අය ඇති කියලා.. මට ඉතිං සතුටුයි, මේක දැකලා..
March 17, 2010 at 9:40 PM
විද්‍යාත්මකව වෙනස් වෙන්න අනිවා පුළුවන්.. ඒත අමතක කරන්න එපා පිස්සො මේක ළමා කතාවක් බව :).. විද්‍යාත්මක සැර පොඩිත්තන්ට ඔරොත්තු දෙනේනෙ නෑනෙ..
ඔයත් නැවත ලියන්න ගන්න. අපි ඉන්නවනෙ ඔයත් එක්ක :) ..
March 18, 2010 at 8:45 PM
mama hithanawa pissa hari kiyala... :-) uthsaha kalath nokalath kola watenawa. ath mey kathawen adahas karanney jeewithey hema deyakma kumak ho yahapathakata siddawenawa kiyala hitha hadaganna eka wenda oney....
March 18, 2010 at 10:48 PM
Rosh.. ඔයා කීව ඔය "හැම දෙයක්ම යහපතට වෙන" කතාවත් හරි තමා.. මේ කතාවෙන් ඒ පාඩමත් ගන්න පුළුවන්.. ඒ ගැන නිකමටවත් මට හිතුණෙ නෑ.. ඉතින් ඒක පෙන්නලා දුන්න ඔයාට තුති ! :)