සඳුට රහසේ

Image and video hosting by TinyPic

සඳුට රහසේ ගීත ලියනවද
හිරුට රහසේ ගීත ලියනවද
කාට රහසේ ගීත ලීවද
නුඹට නොවන ගී කාට ලියන්නද

තරු මුතු පිණිබිඳු දේදුනු මල්ගොමු
ගොණුකර අමුණන ගී පද මටමද

මා හද නිබදව සෙනෙහෙන් පුරවන
නුඹට නොවන ගී කාට ලියන්නද


ලොව ඇත සහසක් කුමාරිකාවන්
කිවිඳුන් මනරම් ගී හට පෙම් බැඳ

එනමුදු කිවිඳුන් හදරැඳි කුමරියෙ
නුඹට නොවන ගී කාට ලියන්නද



2008.12

ගී පද : මුතු පබා
ගී මියැසිය : කපිල මැද්දේගොඩ
ගායනය : විශාරද ප්‍රසාද් කරුණාමුණි සහ ඉරෝෂා මැද්දේගොඩ


සිංදුව අහන්න....

11 Response to "සඳුට රහසේ"

  1. Anonymous Says:
    March 26, 2010 at 2:19 AM

    I LOVE this song. Please write more :)

  2. Eranga Perera (Muthu Paba) says:
    March 26, 2010 at 10:13 AM

    Thank you Anonymous..
    Sure! I will write more.. :)

  3. Anonymous Says:
    March 28, 2010 at 9:35 PM

    ලස්සනට ඔයා ලියලා මුතූ...
    ඒත් මේ කටහඩවල් දෙක නම් අජූතයි..

    හප්පේ දිගටම ලියන්නකෝ.
    එතකොට අපිටත් ආඩම්බරයි නේ. කොහේ හරි ප්‍රසිද්ඬ සිංදුවක් යනකොට අර මගේ යාළුවෙක් ලියපු එකක් කියලා, මට පම්පෝරි ගහන්න පුළුවන්නේ, එතකොට..

  4. Eranga Perera (Muthu Paba) says:
    March 29, 2010 at 10:35 AM

    ස්තූතියි පිස්සො....
    මම ලියන්නම්කො දිගටම.. :)

    ඉතින් ඔයාගෙ බ්ලොග් එකටත් අලුතින් නිර්මාණ එකතු කරන්නකො, අපිට කියවන්න.. :)

  5. Anonymous Says:
    March 29, 2010 at 10:43 AM

    මට තාමත් බ්ලොග් ලියන්න අදහසක් නෑ, පබා.. බලමුකෝ (ජුලියට් නිසාමත් නෙමෙයි, මට හැමදේම ගැන කළකිරීමක් දැනෙනවා).

    මම බ්ලොග් කියෙව්වෙවත් නෑ මේ ටිකේ හරියකට..
    ඔයාගේ බ්ලොග් එකට, කමෙන්ට් නොකර ඉන්න එක හොද නෑ කියලා හිතුනු නිසායි කමෙන්ට් කරේත්..

  6. Eranga Perera (Muthu Paba) says:
    March 29, 2010 at 11:01 AM

    හ්ම්.... සතුටුයි මගේ බ්ලොග් එකට හරි ඔයා ආවට. ඔහොම ටිකක් ඉඳලා පස්සෙ හිමීට ලියන්න ගන්නකො එහෙනම්.. :)

  7. Pradeep says:
    April 1, 2010 at 2:09 PM

    WooooooW....... Niyamai akke, Sinduwa kiyanawath lassanai. Thwath liyanna digatama.............

  8. Eranga Perera (Muthu Paba) says:
    April 2, 2010 at 1:25 AM

    ස්තූතියි ! ප‍්‍රදීප් මල්ලි.. :)

  9. තිස්ස දොඩන්ගොඩ says:
    August 12, 2010 at 4:23 PM

    මගේ සිතුම් පැතුම් වලට බොහොම කිට්‍ටු ගීයක්...
    බොහොම ස්තූතියි ඔබතුමියට අපේ ගෙවල් පැත්තේ ඇවිත් මට පාර පෙන්නුවට...
    තව තවත් නිර්මාණ කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා....

  10. Eranga Perera (Muthu Paba) says:
    August 12, 2010 at 7:26 PM

    තිස්ස, ඔයාටත් ස්තූතියි! :)

  11. Anonymous Says:
    August 7, 2013 at 8:48 PM

    you have a great talent

Post a Comment

Show Emoticons