උදාහිරු ගීතය



අරුණෝදයේ කඩුව
සිඳියි අහසින්
රාත‍්‍රී ආවරණය,
උදෑසන එබෙයි
පොරොවනයෙන් එළියට
සීනුවේ නින්නාද හඬ අසන්නට
තොටිල්ලෙන් නැගිටින දරුවකු විලස.

අවදිවන්න ! අවදිවන්න !
සියලූ වැඩ කරන්නනි !
රැකියාවට ! රැකියාවට !
ඔබ යා යුතුමයි !

බස්රථ, කුලීරථ
නදදෙයි ගොරහැඩිව,
කෝච්චිය හූ තියයි.

මම දෙපය අද්දවමි පෝළිමේ
අප‍්‍රාණිකව අඩි ශබ්ද නගා
දුම්රිය වේදිකාවේ,
තෙරපි තෙරපී ගොඩවෙමි
මගේ ජීවිතේ සියලූම සාරය
දෙහි ගෙඩියක් විලස
මිරිකා දමන දුම්රිය මැදිරියට



["Oswald Mbuyiseni Mtshali" ගේ "The Song Of Sunrise" කවියේ පරිවර්තනය.]

පරිවර්තනය : මුතු පබා

(ලක්බිම.මංජුසාව.කවි - 2010.11.14)

_____________________________________

පුංචි හැඳින්වීමක්

1940 ජනවාරි මස 17 වෙනිදා උපත ලද ඔස්වල්ඩ් ම්ත්ශාලි සූලු බසින් මෙන්ම ඉංග්‍රීසියෙන් ද කාව්‍යකරණයේ නියැලුණු කවියෙකි. මොහු කොලොම්බියා සරසවියෙන් අධ්‍යාපනය ලැබූ අතර ඔහුගේ ප්‍රථම කවි පොත ''Sounds of a Cowhide Drum'' නමින් පිටවිය. කළු සුදු බේදයේ නොවැදගත්කම පිළිබඳව දකුණු අප්‍රි‍කාවේ වැඩකරකරන්නන්ගේ දෘෂ්ඨි කෝණයෙන් ලියූ මේ පොත සාර්ථක වූයේ, එය ප්‍රචාරය කෙරූ සුදු ජාතික ලයනල් ඒබ්‍රහම්ස් ට වටිනා ලාභයක් උපදවා දෙමිනි.

3 Response to "උදාහිරු ගීතය"

  1. Anonymous Says:
    March 9, 2010 at 4:21 AM

    මම නම් ආසයි,කොයිතරම් තෙරපුනත්, කොයිතරම් දාඩිය දැම්මත්, කොයිතරම් අමාරුකම් දැනුනත්, වැනි වැනි කෝච්චියේ යන්න...

  2. දුකා says:
    March 9, 2010 at 9:19 PM

    නියමයි. ලොකු දෙයක් මේක පලකරපු එක නම් . .

  3. Eranga Perera (Muthu Paba) says:
    March 10, 2010 at 8:54 PM

    :)

Post a Comment

Show Emoticons