නංගි බබෝ



බයියං කා හනිකට ලොකු
වෙන්න මගේ නංගි බබෝ
අයිය කියන දේ අහල
දැන් මේ කට කන්න බබෝ

සුදුරැලි ගවුමෙන් සරසල
කොන්ඩ කැරලි දෙකක් ගොතා
මල් පොකුරක් අතේ තියල
පාසැල් එක්කම් යන්නම්
මගේ පුංචි නංගි බබෝ
දැන් මේ කට කන්න බබෝ

හැංඟි මුත්තො හැංඟියා
අයිය ඔන්න හැංඟෙනවා
මගේ පුංචි නංගි බබෝ
අයියව එතකොට හොයන්න
නාඩා ඉතින් බයි කන්නකො
බයියං කා ලොකු වෙන්නකො

දංඬි පැටව් පහළ වෙලේ
නංගි බබා කෝ අහනවා
නමිනං ගහෙ මල් පිපිලා
ගෙඩි දෙන්නට මග බලනවා
ඒවයෙ අසිරිය විඳින්න
බයියං කා ලොකු වෙන්නකො


මුතු පබා
2006.12.03

5 Response to "නංගි බබෝ"

  1. Anonymous Says:
    March 6, 2010 at 8:54 AM

    අනේ!!! මටත් නංගී කෙනෙක් හිටියා නම් හොදයි කියලා හිතුනා. හැබැයි නංගි කෙනෙක් ඉන්න එක ලොකු වගකීමක්. නැති එකම හොදා...

  2. Eranga Perera (Muthu Paba) says:
    March 7, 2010 at 2:25 AM

    පිස්සටත් හිතෙන දේවල් :).... මට නම් ඉතින් අක්කියෙකුයි නංගියෙකුයි ඉන්න නිසා, අයිය කෙනෙක් හිටියනම් හොඳයි කියල තමා නිතරම හිතුනෙ....

  3. - නිල් අහස - says:
    March 7, 2010 at 7:02 AM

    පබාගේ තියෙන්නේ හරිම නිදහස් අදහස්.
    ඒ සරලකම විදින්න..ආස හිතෙනවා.
    ඒකයි, වෙලාව හදාගෙන හරි ඇවිත් යන්න එන්නේ.

  4. Eranga Perera (Muthu Paba) says:
    March 7, 2010 at 1:33 PM

    ස්තූතියි ! නිල් අහස.. ඔයාලා ඔහොම කියනකොට ලියන්න ආසා හිතෙනවා.... :)

  5. Nuwan Says:
    November 18, 2011 at 9:17 PM

    adeee, man meka dakke nane :/
    maru akke... :)

Post a Comment

Show Emoticons